අපූරු ඉස්කෝලේ අපූරු සොයුරියෝ – Apuru iskole apuru soyuriyo

Rs. 500.00 Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.

“මම හිතන්නේ මේවා රටට ඕනෑ නැති ට ඇති, ඔව්….. මේ පරණ සටහන් ගොඩක් නේ.” ටසේ සිතු ඇලිසන් මේසය උඩ තිබූ කඩදාසි ගොන්න අතට ගත්තා ය. ඉන් පසුව වහ වහා උදුන ළඟට ගිය ඇය කඩදාසි ගොන්න ලිපට ඔබා ගිණි දැල්වුවා ය. ඊටාගේ වේදනාත්මක බෙර්හන් දීම ඇයට ඇසුනේ ඒ වෙලාවේදී යි. ” මං හිතුවා…. මං හිතුවා ඔයා මගේ ප්‍රශ්න පත්‍ර ටික ගනියි කියලා. අනේ දෙවියනි! ඔයා ඒවට ගිනි තිබ්බද? මෝඩ කෙල්ල… ඔයා මගේ ප්‍රංශ සටහන් ටිකට ගිනි තිබබද?” රීටා බෙරිහන් දෙමින් ගිනි උදුන අසලට දුව එද්දි ඇලිසන් බියපත් ව පැත්තකට වූවා ය. ගිනි දළු වෙලෙන කඩදාසි ගොන්න ඉවතට අදින්නට උත්සාහ කළ ද ඒ උත්සාහය සාර්ථක වූයේ නැත. ගිනි දළු වලට තුරුලු වූ ඇගේ වටිනා සටහන් ගොන්න කලු පැහැති අළු ගොඩක් බවට හැරේ තිබුණි.

In stock

Author: Enid Blyton

අලුත් වාරයක් ආරම්භ වෙලා ” අම්මා………. ඔයා දන්නවද අපේ ඥාති සහෝදරී ඇලිසන්. අපිත් එක්ක රෙඩ් රූෆ් ඉස්කෝලෙට ගියේ තැපැලෙන් ආ ලියුමක් කියවමින් සිටි පැටි ඔසුලිවාන් එක් වරම අම්මා දෙසට හැරී කථා කළාය. ඇගේ නිවුන් සොයුරිය ඉසබෙල් ද ඒ ලියුම කියවා තිබිණි. ” ඇයි……මම නොදන්නෙ? ” අම්මා සිනාසෙමින් ම කීවාය. ඇලිසන් ……… ඊළඟ වාරේ ඉඳන් සෙන්ට් ක්ලෙයාර් ඉස්කෝලෙට එනවලු. එයා අපිට ලියුමක් එවලා.” ” ඔයාලගේ සාරා නැන්දා මටත් ලියුමක් එවලා තිබුණා. සෙන්ට් ක්ලෙයාර් ඉස්කෝලේ හොදයි කියලා මම කිව්වට පස්සේ තමයි සාරා නැන්දා ඇලිසන්වත් ඒ ඉස්කෝලෙට යවන්න තීරණය කෙරුවේ. පළමු වාරයේ දී ඇලිසත්ව බලාගන්න ඔයාලට පුළුවන්.”

Publisher

තරංග ප්‍රකාශකයෝ – Tharanga Publishers

පරිවර්තනය :

සුදත් රොහාන් – Sudath Rohan

පිටු ගණන

139

Reviews

There are no reviews yet.

Be the first to review “අපූරු ඉස්කෝලේ අපූරු සොයුරියෝ – Apuru iskole apuru soyuriyo”

Your email address will not be published. Required fields are marked *

Rs. 500.00 Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.

In stock