ආපසු පාසැල කරා ඩැරල් රිවර්ස් මහත් උනන්දුවෙන්, චකිතයෙන් හා කලබල ගතියෙන් පසු වූවාය. නිවාඩුවෙන් පසු ආපසු මැලෝරි ටවර්ස් කරා යන දිනයයි මේ. මෙවර ඇයට බලපාන විශේෂත්වය නම් තමාගේ බාල සහෝදරිය වන ෆෙලිසිටි ද කැටුව මෙම නේවාසික පාසැල කරා නික්ම යාමයි. ෆෙලි සිටි ද අක්කා මෙන්ම දුඹුරු පාට සහ ඔරෙන්ජ් පාට පාසැල් නිල ඇඳුමින් සැරසී, අක්කා ළඟට වී ගෙයි දොරකඩ සිටියේ, අක්කාට වඩා ආශාවෙන්, උනන්දුවෙන්, චකිතයෙන් හා කලබල ගතියෙන් යුතුව ය. දන් පෙලි සිටිගේ වයස අවුරුදු දහතුනය. අක්කාගේ වයස දැන් අවුරුදු පහළොවකි. ඇත්තෙන් ම, ෆෙලි සිටි මැලෝරි ටවර්ස් යන්නට තිබුණේ මීට වාර දෙකකට පෙරය. එහෙත් ඇය අසනීප ගතියෙන් පසු වූ බැවින්, පාසැලට ඇතුළු වීම මෙම වාරය තෙක් කල් දමන්නට ඇයට සිදු විය. මේ ග්‍රීෂ්ම වාරයයි. ඇයගේ බලාපොරොත්තුව ඉටු වන්නේ අදයි. අද ඈ පළමු වරට අක්කා යන පාසලට ම ඇය සමග ම යාමට වරම් ලබන්නීය. මෙතෙක් දවස් අක්කාගෙන් මැලෝරි ටවර්ස් ගැන නොයෙකුත් විස්තර අසා දැනගෙන සිටි ඈ එහි මුහුදට මුහුණ ලා ඇති පංති කාමර ගැන ද, කොන් හතරේ කුලුනු හතරේ පිහිටි නේවාසිකාගාර ගැන ද, අක්කගේ මිතුරියන් ගැන ද සිහින මවමින් සිටියාය.

මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 4- Malory towers balika viduhala
ලොව ඉතාමත් ජනප්‍රිය ළමා ලේඛිකාව වශයෙන් සැලකෙන ඉංග්‍රීසි ජාතික ඉනිඩ් බලයිට්න් (1897- 1968) විසින් රචිත මැලෝරි ටවර්ස් කතා පෙළට අයත් පොත් හයෙන් සිව් වැන්න වූ ”UPPER FOURTH AT MALORY TOWERS” නමැති රසවත් නවකතාව මැලෝරි ටවර්ස් – 4 යි. “කතාන්දර කීමේ රැජන ලෙස හඳුන්වනු ලබන ඉනිඩ් බ්ලයිටින්ගේ මැලෝරි ටවර්ස් කතා පෙළ හැදී වැඩීගෙන එන බාල පරපුරට සාහිත්‍ය රසයත්, මනෝ විද්‍යාත්මක වටිනාකමකින් යුත් ආදර්ශයත් නොමඳව ගෙන දෙන්නා වූ, ලොව වැඩියෙන්ම විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ ළමා පොත් පෙළ ලෙස ද හඳුන්වා දිය හැකිය.
In stock
| Publisher | දයාවංශ ජයකොඩි සහ සමාගම – Dayawansha Jayakody |
|---|---|
| පරිවර්තනය : | චන්ද්‍ර අනගිරත්න – Chandra Anagirathne |
| පිටු ගණන | 223 |
In stock





Reviews
There are no reviews yet.