හරිහර රායිට අයත් ගඩොළින් තැනූ කුඩා නිවස පිහිටියේ නිශ්චින්දි පුර ගමේ උතුරු කෙළවරේ ය. පිය උරුමයෙන් ලැබුණු ඉඩම් කැබැල්ලේ ආදායමෙන් ද ගෙවල් දෙකතුනක ආගමික වතාවත් පැවැත්වීමෙන් ලැබුණු වාර්ෂික දීමනා වලින් ද චාම් අන්දමින් අඹු දරුවන් පෝෂය කළ හරිහර බ්‍රාහ්මණ වංශිකයෙක් විය. පෙර දිනය එකොළොස්වක් දිනයක් විය. මෙය වැන්දඹුවන් ගේ උපවාස දිනයකි. හරි හරට දුර නෑකමකින් සොහොයුරියක වන ඉන්දිරා උන්දෑ යනුවෙන් හැඳින්වුණු මැහැල්ල උපවාස දිනයට පසු දින උදෑසන පිලේ හිඳගෙන සහල් බැද කුඩු කර තනා ගත් කෑම කමින් සිටියා ය. හරිහරගේ දියනිය වූ සය හැවිරිදි දැරිය බඳුනෙන් මුවට යන හැම කුඩු අහුරක් දෙස ම බැගෑපත් නෙතින් බලා හුන්නා ය. ඇය දෙතුන් වරක් ම යමක් කීමට තැත් කළ ද කිසිවක් කීමට අපොහොසත් වූවා ය. බඳුන හිස් කළ මැහැල්ල “උඹට මොකවත් ඉතුරු කළේ නෑ. මේ බලාපන්” යැයි කියා හිස් බඳුන දැරියට පෙන්වූවාය. * කමක් නෑ, නැන්දා කන්න ” දැරිය අනුකම්පාව උපදවන සුලු බැල්මක් හෙළුවා ය. ලොකු ඉදුණු කෙසෙල් ගෙඩියක් දෙකට කැඩූ ඇය ඉන් කැබැල්ලක් දැරිය අත තැබූ විට ඇගේ දෙනෙතේ දීප්තියක් මතු විය. එය ආසාවෙන් පිළිගත් දැරිය සෙමින් සෙමින් එහි රස විඳින්නට වූවා ය. ගෙතුළින් දැරියගේ මව කතා කරන හඬ ඇසිණි. ‘ ආයිත් එතන වැටිලා ඉඳ ගත්තද? මෙහාට වරෙන්.”
මාවතේ ගීතය Mawathe geethaya
මාවතේ ගීතය බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජීවත් වූ දිළිඳු බ්‍රාහ්මණයෙකු වූ හරි හරගේ චරිතය ඔහුගේ දරු දෙදෙනාගේ චරිත – බිරිඳගේ හා ඥාති සොයුරියගේ චරිත – මේ නවකතාවෙන් නිරූපණය කර ඇත්තේ අසාමාන්‍ය ප්‍රතිභා ශක්තියක් විදහා දක්වමිනි. සත්‍යජිත් රායිගේ සිනමා කෘතියක් ලෙස රසිකයින්ගේ අවධානය දිනාගත් “පොටොප් පංචාලි” මේ නවකථාව ඇසුරින් නිර්මිතය.
In stock
| Publisher | විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha Kendraya |
|---|---|
| පරිවර්තනය : | Chintha Lakshmi Sinha arachchi |
| පිටු ගණන | 290 |
In stock








Reviews
There are no reviews yet.