පහන් පූජාව ශීලගෙ යෝජනාවක් ලු. මම පන්සල් නාව ටිකේ සමිතියේ කියලා තියෙන්නේ උන්දෑ. දන්නවා නම් මම තියා ලේලිගෙ නකුටවත් එන්නැ. කොහෙද අන්තිමට සිල්වගෙ කතාවෙන් නේ දැන ගත්තේ. ඒ මදිවට සිල්වා කාරයා කියනවා, ‘ මේ උතුම් කර්තව්යය යෝජනා කරපු ශීලා නෝනාටත්, සහය ලබා දුන් අනෙකුත් දායකයින්ටත්…’ ලු. නිකමට නම් දෙක කියපිය අපි දෙන්නගෙ. ආසාවට නම් දෙක කිව්වේ නෑ. අපි දවල් දෙකේ ඉඳන් මෙතන මදිවට, මම පහන් පන්සියකුයි, පොල්තෙල් බෝතල් දෙක හාමාරකුයි, ගිනි පෙට්ටි පැකට් එකකුයිත් අරන් ආවා. නෙදකිං. අන්තිමට ශිලගෙ නම ගියා. අපි දෙන්නගෙ හම ගියා. දවල් ඉඳලා බිම බඩ ගගා පහන් වැටි හදලා අන්තිමට, අනෙක් සියළුම සැදැහැවතුන්..’ ගොඩට වැටුණා. හවස හයට විතර කාර් එකෙන් බැහැලා ඇවිත් බලන් හිටිය එකීගෙ නම ගියා. මං කිව්වේ, මේ ගමේ නාකි හැතිකරේ සේරම ඕකිගෙ බක්කර පස්සටයි, කුරහන් ගල වගේ ඇඹරිල්ලටයි රැවටිලා ඉන්නේ. සිල්වා කාරයා මහ ලොකු උපාසකයා වගේ හිටියට ශීලා ඈතින් එනවා දැක්ක ගමන් නුවර නංගිලාගෙ ගෙදර ඉන්න රොස් වයර්ලස් දඩෝරියා වගේ කෙළ පෙරන්නේ. නාකි විසේ මුන්ට.
නැන්දම්මාගේ ඩයරිය – Nandammage Diarya

Out of stock
Email when stock available
| Publisher | CR PUBLISHERS |
|---|---|
| පිටු ගණන | 194 |
Out of stock

Reviews
There are no reviews yet.