සූරිය කුසුම – Sooriya kusuma

Rs. 1,200.00 Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.

ගිම්හාන රාත්‍රියේ මහ මඟ දෙපස විසල් තුරු මුදුන් අතරින් ගලා ආ මලානික සඳ පළිය තාර පාර මත අක්‍රමවත් රටාවන් විසුරුවා දමා තිබිණි. හාත්පස පැතිර ගිය අඳුර සමඟ සිහින් මීදුම් දුමාරයක් ද මිශ්‍ර වී ඇත. දිවාකල සැව හිරු රැසින් උණුසුමට තිබූ පරිසරය බටහිර දෙසින් හමන සිහිළැල් වා රැලි දැවටීමෙන් සෙමෙන් නිවෙමින් පවතී. පාර දෙපස දුරින් තැනින් තැන පිහිටා තිබූ වීදි පහන් වලින් ද ආලෝකය විහිදුණෙ යාන්තමිනි. ඉඳ හිට අතරින් පතර නැඟෙන බල්ලන්ගේ බිරුම් හඬත්. නිශාචර පක්ෂීන්ගේ සහ රැහැයියන්ගේ හඬත් පාළු මුසල නැගීමත් ඇති කළා මිස, ඇගේ සිතට බියක් නම් ගෙන දුන්නේම නැත. ඇය අඳුර මැදින් ඉදිරියටම යමින් සිටින්නීය. ඒ වන විටත් ඇය කිලෝමීටරයක පමණ මඟ ගෙවා දමා තිබුණාය. අතර මඟදි කිසිවෙකු හෝ ඇයට මුණ ගැසුණේ ද නැත. මධ්‍යම රාත්‍රියට ආසන්න හෙයින් අසල්වැසියන් නින්දේ පසුවනවා විය යුතුය. ඉඳ හිට වාහනයක් දෙකක් හමුවුණ ද ඒ හැම මොහොතකම ඇයට මුවාවෙන්නට සුදුසු තැනක් ලැබිණි. සිය ගැහැනුකම යටපත් කරමින් සිතට නැඟුණ මහා ආත්ම ශක්තිය පිළිබඳව ඇයට ද ඇත්තේ පුදුමයකි. ඇ තුළ සිටි අඳුරට සහ තනිකමට බිය යුවතිය එකවරම එඩිතර එකියක වී සිටින්නීය. සියලු බාදක බැමි පවුරු සිඳ බිඳ දමමින් ඉදිරියටම යාහැකි අමුතු ජවයකින් මුළු සිරුරම උණුසුම් වී තිබේ.

In stock

Reviews

There are no reviews yet.

Be the first to review “සූරිය කුසුම – Sooriya kusuma”

Your email address will not be published. Required fields are marked *