පෙරලියකි. එම පෙරළියට මුල් වූ අත්තනගලු රට මෙසේ වන්නේ ය. පුරාණ කඩයිම් පොත් අනුව ලක්දිව රුහුණු, මායා, පිහිටි යනුවෙන් බෙදා වෙන්කර තිබිණි. මෙම බෙදීම තුළ ද තව අනු බෙදීම් විය. මෙම බෙදීම් අනුව පිහිටි රටෙහි රටවල් හතලිස් දෙකක් විය. මායා රටෙහි රටවල් විසි අටක් සහ එම විසි අට තුළ තවත් බෙදීම් එකසිය තිස් දෙකක් විය. රුහුණු රටෙහි රටවල් හතළිස් දෙකක් විය. මෙම බෙදීම් ප්‍රධාන වූ අතර, මෙම රටවල් අතර මායිම් වෙනම දක්වා තිබිණි. ගම අත්තනගලු රටට අයත් විය. අත්තනගලු රට මායා රටෙහි දහ අට වන රට විය. එහි මායිම් ද පැහැදිලිව කඩයිම් පොත්හි දක්වා ඇත. මෙම අත්තනගලු රට සියනෑ කෝරළය යනුවෙන් ද සම්මත බව කඩයිම් පොත්හි සඳහන් කරයි. ” එය රජ දවස රජ මඟුලක දී සියක් නෑයෝ සමග එක්වෙමින් එක්ව වැලඳගත් හෙයින් සියනෑ කෝරළය යයි සම්මත වෙයි. මේ ගිරිතලේ උන්නාන්සේගේ කඩයිම් පොතේ එන පාඨයකි. මේ අනුව අද වන විට සියනෑ කෝරළය දිසා අනුව හතරකට බෙදී ඇත. නැගෙනහිර සියනෑ කෝරළය, බටහිර සියනෑ කෝරළය වශයෙනි. මෙම සියනෑ කෝරළයේ අදිකාරම් කළ අය තිදෙනෙක් ද, දිසාපති කළ අය දෙදෙනෙක් ද, මොහොට්ටි පදවිය දැරූ හතර දෙනෙක් ද, මුදලිවරු දහහතර දෙනෙක් ද, බද්දෙරාළලා තුන් දෙනෙක් ද, ආරච්චිවරු විසි පහක් ද, රාලලා තිස් අටක් ද වූහ. මෙයින් වතුපිටිවල ගම අදිකාරම් යටතේ පැවතිණි. අපේ ගම කුඩා ගමකි.
මම ගමේ ගම මගේ – Mama game gama mage
කොස් බෙනයේ සිටින දොළ පිදේනි දී යකා පන්නමු පොඩි නැන්දා තාත්තාගේ ඥාති සහෝදරියකි. පිලකින් සහ විශාල ඉස්තෝප්පුවකින් ඉදිරි පස ද, සාලය සහ කාමරය පසු පස කුස්සිය ද ඇති එම නිවෙස ගමෙහි පොදු නිවෙස්හි සැලැස්ම ගත්ත ද එම නිවෙසට තව එබඳුම නිවෙසක් ඈඳා ඇත. එම නිවෙස් දෙකෙහි අක්කා සහ නංගී ජිවත් වූ අතර ඒ දෙදෙනා ම විවාහ වී සිටියහ. පොඩි නැන්දාගේ සාලයෙහි බක්කි කරත්තය නිතරම විරාජමානව සිටිය ද එය වස්සකු බැඳ පාරේ ගිය දිනයක් මට මතක නැත. එම නිවෙස පසු පස විශාල කොස් ගසක් විය. පරම්පරා ගණනක් පරණ එම කොස් ගසෙහි වූ විශාල බෙනය කිසිසේත්ම අමතක කළ නොහැක. කොලු කෙල්ලන් කොපමණ සෙල්ලම් කළත් එම කොස් ගස අසලට නම් අහම්බෙන්වත් යාමට දැක්වූයේ බියකි. එම ගස අසලට කාන්තාවක් කොසයක් කැඩීමට ගියත් තනියෙන් ගියේ නැත. තවකකු සමග යාමට පුරුදු වී සිටි අතර කෙනෙකු නැතිනම් ඒ මොහොතෙහි පාරෙ යන කෙනෙකු හෝ සමග යාමට පුරුදු වී සිටියාය. එම ගස සහ බෙනය එතරම් ගුප්ත වුවකි. මාටින් මහප්පා දින දෙක තුනකට පෙර නැන්දලාගේ නිවෙසට පැමිණි විට අප නිවෙසට ද පැමිණියේ ය. එය ඔහුගේ සිරිතකි. නංගීට සනීප නැහැ. තොවිලයක් කරන්නයි හදන්නේ.






Reviews
There are no reviews yet.