මඳ අඳුර මුසු වූ අරුණෝදය තවමත් අලුත් දවස පිළිගන්නට නොකමැත්තෙන් මෙනි. අතහැර දැමුණු වෙල් යායේ ගෙවුණු රාත්‍රියේ පන් ගස් අතර නිදි සුව විදි කුරුලු බටිත්තෝ නිදි ගැට කඩමින් ඇහැරෙත් දී වෙල් යායේ කෙළවරකට වන්නට පිහිටි දේවිකාගේ කුඩා නිවස වෙල්යාය මත වියන් බැඳි සිහින් මීදුම අතරින් ඡායාවක් මෙන් ඈතට පෙනෙයි. නිවසේ වහලයෙන් පිට වන දුම් රොටු උදෑසන හිස් අහස් කුස සිපගනිත්දී දේවිකා ළිපගිනි අවුළවමින් ළිප අසලටම වී ඒ දෙස බලා බර කල්පනාවකය. උන්දැට උන දේ හොංකවිසියක්වත් මට හිතාගන්න බෑ. හරියට හොරු අරන් ගියා වගේ. ගමේ එකාල මොන තරම් කතන්දර කීවත් මයෙ හිත නම් කියන්නෙම තිස්සට කිසිම ආන්තරාවක් නෑ කියලයි. කවදහරි දවසක තිස්ස මේ වැට කඩුල්ල පැනල ගෙට ගොඩවදිනව කියල මට සහතිකයි. ඒත් එතකන් අපි ජිවත් වෙන්න එපැයි. ඒ හින්දයි හොඳට හිතල අද මේ තීරණය ගත්තෙ..ළිප් ගල් තුනට හිර වී ඇති වතුර කේතලය යහමින් පැසෙත් දී ඒ වගක්වත් නොදත් දේවිකා මොහොතින් කල්පනාවෙන් මිදුණෙ අසල පැදුරේ වකුටු වී නිදා සිටි හිච්චාගේ සිහින් කෙඳිරිල්ලටය. දේවිකා මොහොතින් හිස හරවා බලා උඩු කය වසාලූ මල් වැටුණු චිත්ත රෙද්ද යළි කර වටා දමා ගනිමින් මෙතෙක් හිඳ උන් ළිප අසලින් නැගිට හිච්චා නිදා සිටිනා පැදුර අසලට සමීප වූවාය.
හිරිකඩ – Hirikada

Reviews
There are no reviews yet.