වේලාව මධ්‍යම රාත්‍රී දොළහ පහුවෙන්න ඔන්න මෙත්ත කියලා. වෙනදා නම් දවස තිස්සෙම එක එක කන් කරවල්වලින් පිරිලා තියන නගරෙන් ඒ ඝෝෂාව ටිකක් තුනී වෙන වේලාව. ඒත් එදා ඒකට විවේක ගන්න ඉඩකඩක් තිබුණේ නැහැ. ඒ නිදහස් සමරු ප්‍රදර්ශන කුටි නරඹන්න දස දෙසින් ඇදී ආව යාන වාහන වලින් මිනිසුන්ගෙන් නගරේ පිරි තිබුණ හන්දා. නගරේ විතරක් නෙමේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙක් එදා තිබුණේ කාලෙකින් දකින්න නොලැඛෙන තරමේ ජනාකීර්ණ බවක්. මගී ජනයා එහාට යනවා මෙහාට යනවා ඉවරයක් නැහැ. යාන වාහන ඇති උදවිය ඒවයේ නැගලා අනිත් අයට පේන්ඩ බොහොම උජාරුවට ” රුස්” ගාලා ඉගිල්ලිලා ගියත් යාන්තම් එදාවේල පිරිමහගන්න සාමාන්‍ය ජනයාට ජනතා සන්තකේ පිහිට ඇර වෙන පිහිටක් තිබුණේ නැහැ. වැඩි දෙනෙක් දුර බැහැර ඉඳලා ඇවිත් තිබුණේ අතේ මිටේ යහමින් කාසි පනම් තිබුණ හන්දා නෙමේ. දරු මල්ලන්ගේ කන් කරවිට්ටලෙන් බේරෙන්න බැරිම හන්දයි. නගරේ තියෙන අනේකවත් අරුමෝසම් බඩු දැකලා ඒවා තමන් සන්තක කරාගන්න ළමා ළපටි වුන් කරපු කන් කෙදිරි ගැමි ඇහෙන නැහෙන ගානට වැඩිහිටියෝ හිටියේ එවුන්ට තිබුණ අනාදරය නිසා නම් නෙමේ. ඒ බව නොදන්න අරුමෝසම් බඩු වෙළෙන්දෝ ළමා ළපටින්ගේ සිත් කුලප්පු කරමින් ඔබ මොබ ඇවිද්දේ මොන කුමයකින් හරි අත තිබුණ දැ විකුණා ගැනීමේ අරමුණ ඇතිව. පොඩිවුන්ගේ චිතරක් නෙමේ මහවුන්ගෙත් හිත් මුලාවේ දාන මේ යක්ෂ වෙළෙන්දන්ගේ අදෝනාව වැඩි දෙනෙක් ඉවසුවේ මුවින් නොබැන.
යුවතියකගේ ප්‍රේමයක – Yuwathiyakage premaya
වේලාව මධ්‍යම රාත්‍රී දොළහ පහුවෙන්න ඔන්න මෙත්ත කියලා. වෙනදා නම් දවස තිස්සෙම එක එක කන් කරවල්වලින් පිරිලා තියන නගරෙන් ඒ ඝෝෂාව ටිකක් තුනී වෙන වේලාව. ඒත් එදා ඒකට විවේක ගන්න ඉඩකඩක් තිබුණේ නැහැ. ඒ නිදහස් සමරු ප්‍රදර්ශන කුටි නරඹන්න දස දෙසින් ඇදී ආව යාන වාහන වලින් මිනිසුන්ගෙන් නගරේ පිරි තිබුණ හන්දා. නගරේ විතරක් නෙමේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙක් එදා තිබුණේ කාලෙකින් දකින්න නොලැඛෙන තරමේ ජනාකීර්ණ බවක්. මගී ජනයා එහාට යනවා මෙහාට යනවා ඉවරයක් නැහැ. යාන වාහන ඇති උදවිය ඒවයේ නැගලා අනිත් අයට පේන්ඩ බොහොම උජාරුවට ” රුස්” ගාලා ඉගිල්ලිලා ගියත් යාන්තම් එදාවේල පිරිමහගන්න සාමාන්‍ය ජනයාට ජනතා සන්තකේ පිහිට ඇර වෙන පිහිටක් තිබුණේ නැහැ. වැඩි දෙනෙක් දුර බැහැර ඉඳලා ඇවිත් තිබුණේ අතේ මිටේ යහමින් කාසි පනම් තිබුණ හන්දා නෙමේ. දරු මල්ලන්ගේ කන් කරවිට්ටලෙන් බේරෙන්න බැරිම හන්දයි. නගරේ තියෙන අනේකවත් අරුමෝසම් බඩු දැකලා ඒවා තමන් සන්තක කරාගන්න ළමා ළපටි වුන් කරපු කන් කෙදිරි ගැමි ඇහෙන නැහෙන ගානට වැඩිහිටියෝ හිටියේ එවුන්ට තිබුණ අනාදරය නිසා නම් නෙමේ.






Reviews
There are no reviews yet.