-
සිකුරාජධී – Sikurajadhi
Original price was: Rs. 950.00.Rs. 855.00Current price is: Rs. 855.00.ඉතින් මිස්ලා … කොහොමද ? වාඩිවෙන්ට වාඩි වෙන්නන්ට.. විදුහල්පතිතුමා තමන්ගේ මෙසෙ ඉස්සරහ තිබ්බ පුටු දෙක කෙල්ලො දෙන්නට පෙන්නුවා. තාරුකා මේසෙට ළං කරල තිබබ බර ලී පුටුව හෙමින් සැරේ අදින්න හදන කොටත් රේෂානි “බරා ස්!” ගාල තමන්ගේ පුටුව ඇදල ඉවරයි! ඒ සද්දෙට ප්‍රින්සිපල් විතරක් නෙවේ. ඇතුළට එන ගමන් හිටිය කාකාසත් ගැස්සිලා ගියා. “!” තාරුකාගෙ තරවටු කටහඩ රහසින් ඇහෙන කොට තමයි රේෂානිට සිද්ධිය තේරුණේ. හරිම අසරණ ගිනාවක් මුණට ගත්ත රේෂානි ප්‍රින්සිපල් දිහා බැලුවා. ප්‍රින් සිපලුත් අමුතුවට මුණ හදාගෙන ඊෂානි දිහා බලාගෙන හිටියා. අනේ සොරි සර්……..ෆ්ලෝ එකේ වැලිද කොහෙද….. පුටුව අදින කොට එකයි සද්දෙ ආවෙ. අතුගාල නැද්ද මන්දා… තාරුකා හෙමින් සැරේ මුණ බිමට නවාගෙන නළල අතගාගත්තා! ඒ ගමන්ම ආයෙම රහසින් වගේම ටිකක් තදින් “රේ…!” කියල කිව්වා. ප්‍රින්සිපල්ගේ ඇස් ලොකු වුණා. ඒ එක්කම ලොකු වුණ ඇස් දෙක ගියෙ කාකාසගේ පැත්තට. ඒ පාර නම් ඇස් ලොකු වුණේ කාකාසගේ ! ම – මම උදේ අතුගැවනෙ සර්. මම ආව ගමන් කරන්නෙ ඔෆිස් එක අස් කරන එකනේ…” ඒත් ඉතින් ප්‍රින්සිපල් නම් කළේ කාකාසගෙ දිහා බලාගෙන හිටපු එක ! *ඇයි? * විනාඩි යයි තප්පර පහකට විතර පස්සෙ ප්‍රින්සිපල් කාකාසගෙන් ඇහුවා. ඈ..! ඇයි අහන්නෙ සර්, ඉතින් ඔෆිස් එක අස්පස් කරල අතුගාන්ට එපායැ!”
-
සුසුමක් අද්දර – Susumak Addara
Original price was: Rs. 1,100.00.Rs. 880.00Current price is: Rs. 880.00.“මොකදතමුසෙ හොරගල් අහුලනවද?”ඇගෙන් උත්තරයක් තිබුණෙ නෑ. ඇය කලේසුසුම් පිට කරපු එක.“ඇයි පාරට ආවෙ? මං ඉන්නවද බලන්නද…..?”ඒ ප්රශ්නයටවත් ඇගේ ළඟ උත්තරයක්නැති හැඩයි. ඔහු ඇයව තමන්ගෙපැත්තට කේන්තියෙන් හරවගත්තා.“කතා කරනවා….”“ගේ…ට් එක ලොක් කර…..න්න”“ඇත්තට….? තමුසෙ වෙනදත් ගේට් එකලොක් කරන්නේ මෙහෙමද? ගේට්ටුවඇරලා, පාර දෙපැත්ත බලලා,කොණ්ඩෙ මේරෝස පඳුරෙ පටලවගෙන….. එහෙමද?“අනේ…… යන්න දෙන්නකෝ…..”“බෑ…. යන්න දෙන් නෑ.. ආවා නම් එළිවෙනකම් මාත්එක්ක මෙහෙම ඉන්නවා අද.” -
අසමජ්ජාති ආදරය – Asamajjathi adaraya
Original price was: Rs. 1,400.00.Rs. 1,260.00Current price is: Rs. 1,260.00.පිටින් පිටින් ගොම්මන් කළුවර බිම වෙළා ගන්නට මාන බලමින් සිටියි. ගැහැනියක යහන් ගැබක් තුළ පෙරළා ගන්නට යත්න දරනා හැඩි දැඩි පිරිමියෙක් සේ. අර විටෙක ළං වෙමින් ද තවත් විටෙක දුරස් වෙමින් ද මේ නොනිමි අරගලය කරමින් සිටියේ ය. හැඩි දැඩි මිනිසා ස්ත්‍රියක වෙළා ගනිමින් යහන තුළ වතුරුවා මුළුමනින් ම පරාජය කළාක් සේ, මහ මුහුද විසින් අහිංසක ඉර ගිල ගනු ලැබුවේ ය. ඉනික්බිති කල බැගෑනි තත්ත්වය ක්‍රමයෙන් වියැකී ගියේ ය. වෙලාව, නවය හමාර ද පසු වී තිබුණ ද නගරයේ වීථි මතට උස ගොඩනැගිලිවලින් හා වාහන වලින් වැටෙන ආලෝක ධාරා මඟින් සොබා කළුවර යටපත් කරනු ලැබ ඇත. සෙනසුරාදා දවසක් වූයෙන් ද, නවය ද පසු වී තිබුණු හෙයින් ද වෙනදා තරම්වත් කඩිමුඩියක් නොතිබුණ ද සෑහෙන තරම් මිනිසුන් ද ගැහැනුන් ද නැතුවාම නොවේ. ” බස් නැති වුණොත් අපි කොහොම ද යන්නේ?” යි අපේක්ෂා විමසන්නී ය. “කරන්න දෙයක් නෑ. එහෙම වුණොත් එක්කෝ වෙන මොකක් හරි වාහනයක් එනකල් වාත වෙන්න වෙනවා. නැත්තං ඉතිං කොහේ හරි ඉන්න වෙනවා. නලින්දගේ ප්‍රතිචාරය විටෙක අවිනිශ්චිතතාවක් ද තවත් විටක සැකයක් ද පමණක් නොව, වැඩි වශයෙන් ම පෙන්නුම් කළේ, බියකරු බවකි.











