• -20%
    (0)

    ගිකෝර්

    Original price was: Rs. 450.00.Current price is: Rs. 360.00.
  • -20%
    silvabookshop.lk_ guru_geethaya
    (0)

    ගුරු ගීතය – Guru-Geethaya කෙහෙලි ප්‍රකාශන

    එසේ වුණද ඇඳ අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමඟ කතා කිරිමට මා කැමතිය.ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී.මා අඳින චිත්රය පළමුවැනි ගුරුවරයාට,අපේ අයිලයේ පළමුවැනි කොමියුනිස්ට් වාදියාට දුයිෂෙන්ට කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි. සටන් වලින් පිරී, ඒ අසීරු ජීවිතයත්, විවධ ඉරණම්වලට කැපවු මිනිස් හැගීම් සහ බලාපොරොත්තුත් තෙලි තුඩින් හා සායම්විලන් පිළිබිඹු කල හැකිදැයි මම නොදනිමි.සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියාපෑමට පමණක් නොවේ.ඔබ මා සමඟ එක්වි නිර්මාණාත්මක කලාවේ කොටස්කරුවෙකු විය යුතුය.

    Original price was: Rs. 350.00.Current price is: Rs. 280.00.
  • -10%
    Rusiyanu_Gammadde_Charikawak_silvabookshop_lkRusiyanu_Gammadde_Charikawak_silvabookshop_lk
    (0)

    රුසියානු ගම්මැද්දේ චාරිකාවක් – Rusiyanu Gammadde Charikawak

    මේ කතාන්දරය පටන් ගැනෙන උදෑසන උණුසුම්, එහෙත් වලාකුළු වලින් බර වූ ඇඳිරි එකක් වීය. රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මුළු වනයත් තණ පිට්ටනිත් තෙත බරිත බවක් ඉසිලීය. අතු රිකිලි හැමෙකක ම රැඳී තිබුණු කුඩා ජල බිඳු රිදී පැහැයෙන් දිළිසුණේය. සිය ගණනක් වූ පැළෑටි හා පඳුරු වලින් නිකුත් වුණු සුගන්ධය කාගේ වුවද විඩාව දුරු කොට ප්‍රාණවත් බවක් ඇති කරන්නට සමත් විය.
    අමුතුම මාදිලියේ අභිරහස් බවක් ඉසිලූ කුඩා විලක් වෙත, මම තණ පිට්ටනි මැදින් ගමන් කළෙමි. එම විලේ හෝ ඒ අවට හෝ කිසිදු අභිරහසක් ගුප්ත බවක් නොමැති වග, මනා සිහි බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට බැලූ බැල්මට පැහැදිලි වනු නොඅනුමාන ය. එසේ වුවද, වචන වලින් පැහැදිලි කළ නොහැකි අන්දමේ ගුප්ත හැඟීම් සමුදායක් එම විල අසලට ගිය කා තුළත් ඉතිරි විය. ඊට තුඩුදුන් සැබෑ හේතුව සොයා ගැනීමට මා කොතෙක් වෙර දැරුව ද, මාගේ උත්සාහය කිසිදාක සාර්ථක වූයේ නැත.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.
  • -20%
    (0)

    විල මැද සටන – vila Mada Satana

    ඔහු සෙසු නාවිකයන් සමඟ කතාබහ කළේ අඩුවෙනි. අනෙක් නාවිකයෝ ද ඔහුට එතරම් කැමැත්තක් නොදැක්වූහ. ඔවුන් ඔහු ව හැඳින් වූයේ, ‘මගියා’ යන ආරූඩ නාමයෙනි.
    ” මිනිහා මෙහේට ඇවිල්ල තියෙන්නෙ ජේත්තුවට ඇඳ පැළඳගෙන ඉන්න විතරක් වගේ. යු ද්ධ කරන්න නෙවෙයි වගේ.” – මි ලි ටරි උඩු කබාය පිළිවෙලට පළඳින අතරතුර. ත්රේනර් තරමක කෝපයෙන් කීවේය. “උඩ තට්ටුවට නගින්න වෙලාව හරි. ගිහින් බලමුකො මිනිහට මොකද වෙලා තියෙන්නෙ කියල.’
    ” මිනිහ හොඳටම වෙව්ලනවා.” මුහුණ රතු කරගත් මර්තායිනන් කීවේය.
    ත්රේනර් මහත් සේ කෝපයට පත්වී බැණ වදින්නට විය. ඔහුගේ මුහුණ එක්වර ම කළු ගලක් මෙන් රළු විය. දෙනෙත් රතු විය. සාක්කුවට අත දමා හම් අත්වැසුම් එළියට ගත් ඔහු ඒවා පැළඳ
    ගත්තේය. මැග්නෝලියා ගස් ගැන වූ සිහිනය ත්රේනර් ටික කලකට සාක්කුව ඇතුළේ සිරකොට දැමූ බවක් මර්තායිනන්ට හැඟුණේය.

    “දැන්මම නැංගුරම් උස්සමු.” ත්‍රේනර් රළු හඬකින් කීවේය…

    Original price was: Rs. 450.00.Current price is: Rs. 360.00.