Biography - චරිතාපදාන

  • -10%
    (0)

    හොරොව්පොතනේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni Diyaro

    Original price was: Rs. 3,500.00.Current price is: Rs. 3,150.00.
    මම ධර්මේගේ මුහුණු බලමි. ධර්මේ මගේ මුහුණ බලයි. කොතෙක් ප්රවේශම් වුව ද අපි වීරසේනගේ ගැටයකට හසුවී ඇත. ·” වීරසේනගේ සුට් එක ලස්සනයි ” ධර්මේ කියයි.
    ” තැනක යූ සර් ” වීරසේක සීරුවෙන් සිටිමින් තම කය සෘජු කරමිත ඉතා ආචාරශීලී ව පවසා ආපසු හැරී පිටව යයි. “බලපං ගුණේ මමගේ ඔලුවෙ අං ඇවිල්ලා ද කියලා ධර්මේ පවසයි.
    “මොනවද බං තමන්ගේ ඩ්රයිවර්ට ඇඳුම් සුට් එකක් මහ ගන්න සල්ලි හොයන්ඩ, මහ කැලේ දුක් විද්යා මොර ගෝනි උස්සගත ආපු අපි වගේ තවත් ඩි.අර්.ඕ.ලා තුන් දෙනෙක් අතීතයෙන් කවදාවත ඉන්ඩ නැතුව ඇති. අදත් වෙන කොහෙවත් නැතුව ඇති. හෙටත් කොහෙවත් ඉපදෙනෙත් නැහැ. මම සිනහා සෙමින් හිස වනා එය අනුමත කරයි.
  • -7%
    (0)

    මරණය මැදින් මුලතිව් සිට

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,485.00.
    මේ අතර, මුලතිව් ඉහළ අහසේ හමුදා සාමාජිකයින් සොයා හෙලිකොප්ටර් යානා කැරකැවෙන්නට විය. වතුර ටැංකියේ සිටි සෑම අයෙකුම ඒ දෙස බලා සිටින්නට වූයේ බලාපොරොත්තු සහගතවය කෑගසන්නට හෝ අත වනන්නට ඒ තුළ කිසිදු ඉඩක් නොවූ තැන කපිතාන් පලිහවඩන තමා සතුව තිබූ කොම්පාසුව ගෙන එහි ඇති කන්නාඩිය හිරු එළියට නිරාවරණය වන ලෙස අල්ලා එමගින් හෙලිකොප්ටර් යානයට යම් පණිවිඩයක් ලබා දීමට උත්සුක විය. සෙසු සියලු දෙනාද නොඉවසිල්ලෙන් ඒ දෙස බලා හිඳින්නට වූ නමුත් හෙලිකොප්ටර් යානා එම සීමාවෙන් ඉවතට ඇදුනා මිස අන් කිසිදු ප්රතිචාරයක් නොදක්වීය. ජීවත්වීමේ බලාපොරොත්තු යළිත් වරක් අතරමග කඩා වැටුණු සයක් ඔවුනට දැණින. අවාසනාව තවදුරටත් ඔවුන් අතැර නොගොස් තිබුණු සේයකි.
    මරුවා හඹා එද්දි ජිවිතය අත් නොහළ විරුවන් දස් දෙනෙකුගේ සත්ය කතාව
  • -10%
    සොදුරු මානව වාදීයේකු, අසහාය විප්ලවවාදියකුගේ චරිත කතාවක්.සොදුරු මානව වාදීයේකු, අසහාය විප්ලවවාදියකුගේ චරිත කතාවක්.
    (0)

    චේ: චරිතාපදානය

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.

    අඳුරුතම හෝරාවේදී අරුණලු ගෙනා මිනිසා

    සිදුවීම් පිළිබඳ ඔහුගේ විස්තරයට අනුව, රොඩ්රිගුවේස් අනතුරුව වේ සමඟ කතා කිරීම සඳහා පිටතට ගියේ එහිදී වේගේ ඡායාරූප අරගත්තේය. වසර ගණනාවක් පුරා සී.අයි.ඒ. සංවිධානය යටතේ අතිශය රහසිගතව තබා ගැනුණු මේ ඡායාරූප පසුව එළියට පැමිණියේය. මින් එක් ඡායාරූපයක පිරුණ මුහුණින් හා යෞවන පෙනුමින් යුත් රොඩ්රිගුවේස්, දමනය කරන ලද වන සතකු මෙන් පෙනෙනා වේගේ උර වටා අතක් දමාගෙන සිටිනු දක්නට ලැබෙයි. වේගේ වැහැරුණ මුහුණ බිමට යොමුව ඇත. දිගු හිසකේ පහතට එල්ලා වැටී ඇති අතර, ඔහු දෑත් බැඳගෙන සිටියි.

  • -10%
    (0)

    අවි බිමක ගිනියම

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,350.00.

    තැන තැන බිම වැට ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝපුල් හීන්අප්පුගේ උත්සාහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය. කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්රයත්නය ගස්ලබ ගසේ ඉහළ සිට පහළට රක්ත වර්ණයෙන් සටහන් වූයේය. භට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ. සහයට පැමිණි හෙලිකොප්ටරය ත්රස්තවාදී ප්රහාර හමුවේ ගොඩබැස්සවීමට නොහැකි වූයෙන් ගුවනේ නොපෙනී යන අයුරු කොකාවිල්ගි සෙබල බලා සිටියහ. ඒ වනවිටද ලුතිනන් අලදෙනිය හින්අප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය. මද්දහනේ අවි රශ්මිය භට නිවාසයේ වහලය විනිවිවද දැනෙන්නට විය. අවසානයේ සියල්ල ගිනියම් වූ මොහොතක කෝප්රල් හීනප්පු සිතල සිරුර පමණක් සහෝදර සගයන්ට ඉතිරි කළේය.

  • -20%
    (0)

    නොහදුනන ලින්කන් Nohadunana Lincoln – Lincoln the unknown

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,320.00.

    එදවස හැඩ්ස්බර්ග් හඳුන්වනු ලැබූවේ, හැරඩ්ෆෝට් යන නමිනි. ඈන් මැක්ගිනිටි එහි වාසය කළ කාන්තාවකි. පැරැණි ඉතිහාසඥයන්ගේ වාර්තා වලට අනුව පළමු වරට රෙදි විවීමේ යන්ත්‍රයක්, තාරාවුන් සහ ඌරන්, කෙන්ටකී ප්‍රාන්තයට ගෙන ආවේ ඈන් සහ ඇගේ සැමියා බව ය. අඳුරු රමණීය වනගත පෙදෙසක් වූ එහි බටර් සැදීමට දත් එක ම කාන්තාව ඈන් බව ඉතිහාසඥයෝ වැඩි දුරටත් පවසති. එහෙත් ඇත්ත වශයෙන් ම ඇය ආර්ථිකව ශක්තිමත් වූයේ, රෙදිවලින් ප්‍රාතිහාර්යයන් පෑම නිසා ය. ගුප්ත ඉන්දියානු රටවල්වල වැවෙන කපු එහි නොවැවෙන අතර, ගෙන්වීම ද නොකරයි. ලී ඉරන්නෝ, බැටළුවන් මරා දමති. මරා දමන ලද බැටළුවන්ගේ ලෝම වලට අමතර ව කිසිවක් ඇඳුම් මැසීම සඳහා සොයා ගැනීම අසීරු වේ. නිර්මාණාත්මක සුහුරු බවක් ඇති ඈන් මැගිනිටි, නූල් කටින්නට සොයාගත් අතර, එමඟින් මැගිනිටි රෙදි නිමැවුවා ය. මේ රෙදි නිපදවීම සඳහා යොදාගත් අමුද්‍රව්‍යයන් වන මිහරකුන්ගේ කෙඳි සහ ගසකින් ගනු ලැබූ තුනි කෙඳි බහුල සහ ලාබ විය. එය අපූරු සොයාගැනීමකි. සැතපුම් සිය ගණන් දුර බැහැර ගෙවා, ඇගේ දැව පැලට පැමිණි ගැහැනු මේ නව කලාව උගත්තෝ ය. රෙදි වියන අතරතුර, ආගිය තොරතුරු කථා කළෝ ය. ඔවුහු. නිතරම ගස් කෙඳි හෝ මීමුන්ගේ ලෝම ගැන කථා නොකළහ. නිරන්තරව ඔවුන්ගේ සංවාදන්, ඕපාදුපයන් බවට හැරුණි. ප්‍රජාවේ තොරතුරු සන්නිවේදනය වන ඕපාදූප පතුරුවන මධ්‍යස්ථානයක් බවට, ඈන් මැක්ගිනිටිගේ දැව ගෘහය පත් විය.

  • -10%
    (0)

    ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත – Anne Frank Dariyakage Dinapotha

    Original price was: Rs. 1,390.00.Current price is: Rs. 1,251.00.

    විසිවැනි සියවසේ, අතිශයින්ම ශෝක ජනක වූත්, විචිත්ර වූත් දින සටහන් එකතුවක් ලෙස ලෝක ප්රකට ඈන් ෆ්රෑන්ක් ගේ දිනපොත’ මුලින්ම ප්රකාශයට පත් කරන ලද්දේ 1947 දීය. එදා සිට අද දක්වා කාලය තුළ නිකුත් කරනු ලැබූ කෝටි දෙකකට අධික වූ පිටපත් සංඛ්යාවක් ලොව පුරා පාඨකයින් විසින් කියවනු ලැබ ඇත. දහතුන් හැවිරිදි ඈන් ෆ්රෑන්ක් දැරීය සැඟවී සිටිය දී ලියන ලද අතිශයින් සංවේදී වූ මේ දින පොත් සටහන් යුදෙව්වන් හැට ලක්ෂයකට ව ධ හිං සා සහ අවසානයේ ම රු කැ ඳවූ දෙ වෙනි ලෝ ක මහා සං ග් රාමයේ බි හිසු ණු අංශය ලොවට මැනවින් කියාපාන සත්ය කතාවකි.

  • -10%
    silvabookshop_lk_nawathum_nathi_jeewithesilvabookshop_lk_nawathum_nathi_jeewithe
    (0)

    නැවතුම් නැති ජීවිතේ – Nawathum Nnathi Jeewithe

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,125.00.

    අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත ‘සීමා නැති ජීවිතේ‘ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ‘.

  • -10%
    (0)

    “විස්මිත දොස්තර”

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,125.00.

    බලාපොරොත්තුවක් නොමැති සිතකට බලාපොරොත්තුවක් රැගෙන එමින් ස්නායු ශල්‍යකර්මයන් තුළ අපුරු හැකියාවන් පාන්නකු ලෙස වෛද්‍ය බෙන් කාර්සන් ලොව පුරා ප්‍රකටව සිටී. නගරයක දිළින්දකු ලෙස හැදී වැඩුණු ළමා කාලයේ සිට වයස අවුරුදු තිස් තුනේ දී ජෝන්ස් හොප්කින්ස් වෛදනයතනයට අයත් ළමා ස්නායු රෝග අංශයේ අධ්‍යක්ෂවරයා දක්වා පැමිණි අපූරු චාරිකාව, ‘ විස්මිත දොස්තර තුළින් ඔබ හමුවේ තබයි. අනේක වූ ජීවිත ගණනාවක් මරණයෙන් ගලවා ගත් ශලල්‍යාගාරයට ඔබ කැඳවාගෙන යන ඔහු, නොහැකි යැයි සිතෙන යමක් ජයගන්නට වෙර දරන ඕනෑම අයෙකුට පූර්වාදර්ශී චරිතයකි.

  • -10%
    (0)

    දුවකගේ කඳුළු – Duwakage Kandulu

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.

    දුවකගේ කඳුළු ගැන…..
    ප්රේමකීර්ති ද අල්විස් නම් කලාකරුවා ගැන හෝ දයා ද අල්විස් නම් වු ප්රවීණ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදිකාව, නවකතාකාරිය, ගීත රචිකාවිය ගැන හෝ නොදන්නෝත් සාහිත්ය කලා ක්ෂේත්රයෙහි වෙත්ද? සුරංගී මේ සුප්රකට කලාකරුවන් දෙපොළගේ එකම දියණිය වුව එක වහලක් යටදී සිය මාපිය සෙනෙහස ලබන්ට තරම් වාසනාවන්තියක නොවූවාය. මන්දයත් සුරංගීගේ බාල කාලයෙහිම ප්රේම කීර්තිත් දයාත් නෛතිකව වෙන් වූ බැවිනි. මේ වෙන්වීම හෝ මෙබඳු වෙන්වීම් සංවේදී දැරියකගේ ජිවිතයට කවර නම් අයුරකින් බලපාතියි සිතිය හැකිද?

    “දුවකගේ කඳුළු’ නමින් මෙසේ එළිදකින්නේ ඒ සිතුවිලි සමුදායයි. සුරංගී මෙහිදී සමාජයට නොබියව හදවතට අවංකව අනුවේදනීය ස්වරයකින් සිය අත්දැකීම් ලොවට හඬගා කියන්නීය. එමගින් දෙදරා යන කුලගෙවල වසන යුවතිපතීන්ට ස්වකීය විවාහ සංස්ථාව ගැන යළි යළිත් සිතන්නට ඇරයුම් කර සිටින්නීය.
    මහාචාර්ය සුනිල් ආරියරත්න

  • -10%
    (0)

    රන් දෝණි – Ran Doni

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.

    2019 දී බලහත්කාරයෙන් කාන්තාවන් වඳභාවයට පත් කළ බවට බොරු චෝදනා එල්ල වූ වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆිගේ දියණියගේ කතාව පවසන “රන් දෝනි” පොත අඟහරුවාදා (30) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළිදැක්විණි.

    ප්‍රවීණ මාධ්‍යවේදී සුරංග සේනානායක විසින් රචිත මෙම පොත, එම දුෂ්කර කාලය තුළ සහ ඉන් පසුව වෛද්‍ය ෂාෆිගේ පවුල මුහුණ දුන් අභියෝග විස්තර කරයි.

  • -20%
    (0)

    බොලිවියානු දිනපොත Bolivianu dinapotha

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.

    අර්නස්ටෝ වේ ගුවේරාගේ බොලිවියානු දිනපොත 1968 සිට 2009 දක්වා වූ වසර 41 ක් තුළ ලොව විවිධ භාෂාවන්ගෙන් සංස්කරණයන් 330 ක් ඉක්මවා ප්‍රකාශයට පත් වූ චිරප්‍රසිද්ධ කෘතියකි. 1967 ඔක්තෝබරයේ බොලිවියානු හමුදාවේ ග්‍රහණයට පත්ව, අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවයේ අනුදැනුම මත ඝාතනයට ලක් වූ මෙම අභීත විප්ලවවාදියාගේ උර මල්ලේ තිබී හමු වූ මෙය චේගේ අවසන් දින පොත ලෙස ඉතිහාසයට එක්වේ. මුල් සංස්කරණ වලට ඇතුළත් නොවූ පිටු කිහිපයක්ද ඇතුළත් කොට ඔහුගේ බිරිඳ වූ අලෙයිදා මාර්ච් විසින් සකස් කරන ලද චීගේ බොලිවියානු දිනපොත ඇමෙරිකානු ආක්‍රමණික යුද්ධයෙන් හෙම්බත් වූ වියට්නාමයට අතහිත දීම සඳහා සමස්ත දකුණු අමෙරිකානු මහද්වීපය පුරා විප්ලවයක් දියත් කිරීමට වේ ගත් පරමාදර්ශී උත්සාහයේ අත්‍යන්ත උරුමය ලෙස කීර්තියට පොත්‍ර වී ඇත.

  • -20%
    (0)

    තම්බි මුදියන්සේ – Thambi Mudiyanse

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
    තම්බි මුදියන්සේ නම් කුප්රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු 200කට ඈත අතීතයේ ශ්රී ලංකාවේ ජිවත් වූයේය.
    ඉංග්රීසීන් මෙරට ආක්රමණය කළ අවධියේ, ඔවුන්ගේ ඔත්තු සේවයට එක් වී සිටි ඒ ඔහු, නීච ඔත්තුකරුවකු ලෙස කටයුතු කරමිනි. මීමුනුබුරා, රටේ නායකයා ලෙස කටයුතු කරමිනි.
    ප්රමුඛම ස්වදේශික ඔත්තුකරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්රකට නාමයෙන් පසු කාලයක දී හැඳින්වුණු දොන් එඩ්රියන් විජේසිංහ ජයවර්ධනය.
    ඔහු ද, පසු කාලයක දී ඔහුගේ මී මුනුබුරාද ශ්රී ලංකාවේ දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්නට දායක වෙමින් ක්රියා කළෝය.
    ශ්රී ලංකාවේ ප්රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යනු ඔහුගේ මී මුනුබුරාය. මේ ඔවුන්ගේ කතාවයි.
    ඉතිහාසය ප්රතිනිර්මාණය වෙයි.
    ඉතිහාසය නිවැරදි ව කියවා
    අනාගතය පුරෝකථනය කරන්නට නම් වර්තමානය සමග ගළපා ගත යුතු ය.
  • -20%
    වැලපෙන්නි අවකන්නි
    (0)

    වැලපෙන්නි අවකන්නි – Walapenni Awakanni

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.

    කලක් සොඳුරු රටක්ව තිබූ ඇෆ්ගනිස්ථානය….. රූමත් ළඳුන් නිදහසේ සැරිසැරූ ඇෆ්ගනිස්ථානය……… තාලිබාන් පාලනය යටතේ එක් සුවිසල් සිරගෙයක් බවට පත් වී තිබේ. කාන්තාවන් වහලියන්ටත් අන්ත තත්ත්වයකට ඇද දමා තිබේ. ඔවුන්ගේ මේ “ඔල්මොරොන්දම්” නීති සමුදාය ඔබට කිනම් හැඟුමක් ගෙන ඒද?
    ගැහැනුන්ට කිසිඳු රැකියාවක යෙදීම තහනම්!
    පොදු ප්රවාහන සේවා ගැහැනුන්ට වෙනම පවත්වා ගෙන යා යුතුය.
    ස්ත්රීන්ට පිටත ඇවිදීම තහනම්!
    එසේ යනවා නම් පියා, සහෝදරයා හෝ සැමියා සමඟ පමණී.
    ගැහැනු බුර්කාව පමණක් ඇඳිය යුතුය.
    බුර්කාවට යටින් අඳින ඇඳුම් තද පැහැ හෝ වෛවර්ණ නොවිය යුතුය
    රූපලාවණ්ය ආලේපන, නිය හා තොල් ආලේපන තහනම්!
    මිනිසුන්ගේ හා සතුන්ගේ සේයා රූ තහනම්!
    පිරිමි වෛද්යවරයකුට ස්ත්රියකගේ සිරුරට අත තැබීම තහනම්!
    ස්ත්රියකට, පිරිමි සන්නාලියකුගෙන් ඇඳුම් මැසීම තහනම්!
    සංගීතයට සවන් දීම තහනම්!
    චිත්රපට, වීඩියෝ නැරඹීම තහනම්
    කිසිදු වෙළෙන්දෙකුට ගැහැනු යට ඇඳුම් විකිණිය නොහැකිය.
    සරුංගල් යැවීම තහනම්!
    මේ ඒවායින් කිහිපයක් පමණි!
    ඉදින්, ඔවුන් වැලපෙන්නේ නැතිව
    වෙන කුමක් කරන්නද?

  • -20%
    (1)

    අපූරු මිනිසෙක් – STEVE JOBS

    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.

    ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කීපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණය ප්‍රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක. කිසිවෙකුට මරණය අවශ්‍ය නැත. දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් දේ ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත. එය නාට්‍යෝචිතව දැක්වීම ගැන සමාවන්න. එහෙත් එය සත්‍යයි.

  • -15%
    (0)

    සදාම් සමඟ මා පාරිසුලා

    Original price was: Rs. 550.00.Current price is: Rs. 468.00.

    ජිනාගේ නිවසට මා කැඳවුයේ හරුට්ගේ පෙළඹවීමක් අනුව බව මා තේරුම් ගත්තේ පසුවය. හරුට්ගේ ගනුදෙනුකරුවන් වූයේ බැග්ඩෑඩ්හි ඉහළ පංතියට අයත් ප්රභූවරුන් ය. සදාම් හුසේන් සුඛෝපභෝගී ජීවිතය ප්රිය කළ, තරුණ කෙල්ලන් කෙරේ නොසන්සිඳෙන ආශාවකින් පෙළෙන අයෙකු බව හරුට් දැන සිටියේ ය. සමහර විට මා වැනි හුරුබුහුටි කෙල්ලන් ඔහුට සොයා දීම හරුට්ට පැවරී තිබුණා විය හැක. ඉරාකය ඉතා ඉක්මනින් යකඩ ග්රහණයකට මැදි කර ගන්නා බලගතු මිනිසා ඇසුරු කිරීමෙන් ලෝකයේ සියලු ප්රතිලාභ අයත් කරගත හැකි බව ඔහු දැන සිටියේ ය. එම රාත්රියේ හරුම්ගෙන් සදාම් හුසේන්ට ලැබුණු තෑග්ග මාය..