ගල්ගේ කන්ද

  • -10%
    (0)

    ගල්ගේ කන්ද – Galge kanda

    සුනිල් පාසල කරා එන විට තරමක් ප්‍රමාද විය. ප්‍රියන්තගේ හා සමන්ගේ මේසවල පොත් තිබෙනු දක්නට ලැබුණි. පංතියේ බොහෝ දෙනෙක් ද ඒ වන විට පැමිණ සිටි බව මේස මත තැබූ පොත් වලින් පැහැදිලි විය. එහෙත් කිසිම පිරිමි ළමයකු පංතියේ නොවීය. සුනිල්ගේ සිතට මහත් නොසන්සුන් ගතියක් ඇති විය. ” කෝ ප්‍රියන්ත එහෙම ” ඔහු චමරිගෙන් ඇසුවේ තරමක් කුතුහලයෙනි. අජිත්ලා එක්ක හයියෙන් හයියෙන් කථාවෙලා පංතියෙන් කොහෙටද ගියා.” චමරි කීවේ ද තරමක් වේගයෙනි. සුනිල්ට තමන් සිටින්නේ කොතැනක දැයි අමතක විය. විනාඩි කීපයකින් තාප්පයෙන් පැන්න සුනිල් ගොඩනැගිලි අවට හා පිට්ටනියේ තම මිතුරන් සොයන්නට පටන් ගත්තේ.. ටික වේලාවකින් පංතියේ සියළු දෙනාම එක තැනක සිටින බව දක්නට ලැබුණේ ක්‍රීඩාංගන මායිමට පැමිණීමෙන් පසුවයි. සුනිල් එතනට යන විට පහළොවක් තරම් සිසුන් පිරිසක් වට එකිනෙකා වචන වලින් හරඹ කරමින් සිටිනු දක්නට ලැබුණි.”

    Original price was: Rs. 400.00.Current price is: Rs. 360.00.