Close
-
(0)
මැරෙන්න තීරණේ කරයි – VERONIKA MARENNA THIRANAYA KARA
සාමාන්‍යයෙන් ගැහැනියක අපේක්ෂා කරන සෑම දෙයක්ම පාහේ වෙරෝනිකා සතු බව පෙනේ. ඈ තරුණ ය. රූමත් ය. කඩවසම් පෙම්වතුන්ගෙන්ද ඈට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට ප්‍රිය ය. ස්ථිර රැකියාවක් ද ඇත. එහෙත්, ඈ තුළ සතුට නැත. ජීවිතයේ කිසියම් දෙයක අඩුවක් ඈට දැනේ.
1997 නොවැම්බර් 11 වැනි දා ඈ සියදිවි නසාගන්නට තීරණය කරන්නීය. නිදිපෙති අධික ප්‍රමාණයක් පානය කරන ඈ මියයාම වෙනුවට පිස්සන් කොටුවකදී සිහිය ලබයි. තවම ජීවතුන් අතර සිටියද ඈ පානය කළ බෙහෙත් සැරට මොළය සදාකාලික අවදානමකට ලක් වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතය තව දවස් කිහිපයකට පමණක් සීමා වී ඇති බව වෛද්‍ය විශේෂඥවරු ඈට පෙන්නා දෙති.
Rs. 850.00Original price was: Rs. 850.00.Rs. 765.00Current price is: Rs. 765.00.
