-
සෝවියට් රුසියන් කතා කලබ 2 – Sowiet russian keti katha
Original price was: Rs. 475.00.Rs. 427.50Current price is: Rs. 427.50.මොස්කව් අසල පෙදෙසට වසන්නට පැමිණි විට, හිම කාලයේදී ක්‍රීඩා කිරීම සඳහා පාවිච්චි කළ ‘ලිශි’ නැමැති දිගැති ලි පතුරු ගබඩා කිරීම පිණිස මම අප නිවසෙහි අට්ටාලයට නැංගෙමි. අට්ටාලයේ පරාලයක එල්ලා තිබුණු රිඛින පලු පොකුරක් මගේ නෙත ගැටිණි ලීම තැන්පත් කිරීමට මා අට්ටාලයට නොගියේ නම්, මේ රිඛින පලු ගැන මට මතක් නොවනු ඇත පසුගිය සරත් සමයේදී මේ රිඛින මා විසින්ම එකතු කරනු ලැබ ලනු පොටක අමුණා එල්ලා තිබිණි ඉස්සර කාලේ මා උපන් පෙදෙසේ මිනිසුන් අතර රිඛින. බරුනිකා, යුක්වා වැනි අනෙකුත් පලු වර්ග සහ බිම්මල් මෙන්ම හිම කාලයේදී ආහාර ලෙස ගැනීමට එකතු කරන සිරිතක් ඛිණ ගෙතුළ නොසැලකිලි අන්දමින් පත්තු කරන ලිපකින් ඇති වන මාරය නිසා හටගන්නා විපත් වලින් බේරීමටත්, හිසේ ඇම්මෙන් බරීමටත් රිඛින පාවිච්චි කරන ලදී.
