-
(0)By : Enid Blyton
සත් සුමිතුරන් සහ අතුරුදහන් වූ යුවතිය – Sath sumithuran saha athurudahan wuu yuwathiya
නුල් කැබලි ප්‍රවේශමෙන් ගලවා ඉවත් කළ පීටර් පෙට්ටිය විවෘත කළා. මොන පුදුමයක්ද! වී පෙට්ටිය ඇතුළෙ තිබුණේ නූල්වලින් මනාව ඔතන ලද තවත් කුඩා පෙට්ටියකි. පිටර් ඒ පෙට්ටියත් විවෘත කළා. ඒක ඇතුළෙ තිබුණේ ප්‍රමාණයෙන් ඊටත් කුඩා තවත් පෙට්ටියක් පමණකි.
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)By : Enid Blyton
සත් සුමිතුරන් සහ අබිරහස් ආගන්තුකයා – Sath sumithuran saha abirahas aganthukaya
සඳළුතලයේ එක් කෙළවරක වූ කුටියක කවුළු තිර හොඳින් වසා නො තිබිණි. තිර අතර වු පටු විවරයක් තුළින් එබී බලන ඔහු දුටුවේ සියුම් ආලෝකයකි. එය ගිනි උදුනකින් නැගෙන්නක් බැව් ඔහුට වහා වැටහිණ. ඒ සමග ම ඔහුට ඇසුණේ විශාල ගස ඉහළට නගින මිනිසකුගේ හඬකි. ගසට නගින මිනිසා තවත් මොහොතකින් සඳළු තලයට පිවිසෙනු ඇත. ඔහුගේ සිතට දැනුනේ කිව නොහැකි තරම් වූ බියකි.
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)By : Enid Blyton
සත් සුමිතුරන් සහ ගිනි පඹයාගේ අබිරහස – Sath sumithuran saha gini pabayage abirahasa
පිදුරු මිටිය වෙලාගත් ගින්දර ඉන්පසුව අසල තිබූ කඩදාසි ගොඩ ගිල ගත්තේය. ළමුන් පිරිස ගින්දර නිවන්නට උත්සහ කළ ද ඔවුන්ට සිතාගැනීමට පවා නොහැකි තරම් වේගයෙන් ගින්දර පැතිරෙන්නට පටන්ගත්තේ ය. තවත් මොහොතකින් ගින්දර පරණ රෙදි තොගයද වැළඳගත්තේ ය. කළු පැහැති දුම් රොටුවලින් ගිම්හාන කුටිය පිරී යද්දී ළමුන් පිරිස හනිකට පිටතට පැන ගත්තෝ ය.
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)By : Enid Blyton
සත් සුමිතුරන් සහ ගිනි මැල රාත්‍රිය – Sath sumithuran saha gini mala rathriya
බොන් ෆයර් රාත්‍රිය යනුවෙන් හැඳින්වෙන්නේ එංගලන්තයේ ළමුන් අතර පැවැත්වෙන සුප්‍රකට උත්සවයක්. මේ උත්සවයේදී ළමෝ ෆේවික්ස් යනුවෙන් හැඳින්වෙන පඹයින් නිර්මාණය කොට විශාල ගිනි මැලයක තබා එම පඹයින් පුළුස්සති. සත් සුමිතුරන් පිරිස ද මේ අපූරු බොන් ෆයර් රාත්‍රිය සමරන්නට සූදානම් වෙති. ඒ අතරම වෙස් වලාගත් සොරෙකු අල්ලන්නට ද ඔවුන්ට හැකි වෙයි.
Rs. 550.00Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00. -
(0)By : Enid Blyton
සත් සුමිතුරන් සහ ටෝර්ලීන් මැදුරේ අබිරහස – Sath sumithuran saha trolling madure abirahasa
ජැන්ගේ ටොමි මාමා එයාට හරීම අපූරු නැග්මක් ගෙනත් දුක්කා. ඒ තැන්න තමයි අපූරු දුර දක්කයක්, සත් සුමිතුරන් පිරිසක් වත්ත මේ දුරදක්නය හවුල් කරගන්න හිතාගෙන ජැක් එකත් අරන් ආවා. පිටර් තමයි මුලින් ම දුරදක්නයෙන් ඇත බැලුවේ. දුරදක්නය තුළින් බලද්දි ඇත කන්දක් උඩ තියෙන ගරා වැටුණ, අබලන් ටොළින් මන්දිරය හරිම අපූරුවට පෙනෙනවා. අබලන් මාළිගාවේ ගරා වැටුණ ජනේලයක් ළඟ කවුදෝ අමුත්තෙක් ඉන්න බවයි පීටර් මුලින් ම දැක්කේ. ජරාජීර්ණ වෙලා තියෙන මන්දිරයක ජනේලයක් ළග අමුත්තෙන් ඉන්නේ ඇයි ? පීටර් ගොඩාක් වෙලාවක් ඒ ගැන කල්පනා කෙරුවා. ඇත්තටම දුරදක්නයෙන් දුටු අමුත්තා සැඟවුණ අබිරහසක ප්‍රධාන චරිතය සියළා වටහා ගන්නට සත් සුමිතුරන්ට එතරම් කාලයක් ගතවුණේ නැහැ.
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)By : Enid Blyton
සත් සුමිතුරන් සහ පාලු තැනිතලාවේ අබිරහස – Sath sumithuran saha palu thenithalawe abirahasa
නිවාඩු කාලය ඇවිත් ඔන්න.. පාස්කු නිවාඩුවත් පටන් ගත්තා, ඇත්තමයි… මම නම් හිතුවේ අපිට කවදාවත් නිවාඩුවක් නම් ලැබෙන්නේ නැති වෙයි කියලයි. ඔයාට එහෙම හිතුනේ නැද්ද ජැනට් ?. පාසල් නිවාඩු කාලය ලැබීමේ ප්‍රීතියෙන් හිත පිරි යද්දී තම සහෝදරිය දෙසට හැරුන පීටර් සතුටින් කීවේය. ඇයි නැත්තේ ?. මටත් එහෙම හිතුනා. මොකද පහු ගිය පාසල් වාරේ ගොඩාක් දිග එකක්. එක දිගටම ඉගෙන ගෙන මට නම් එපාවෙලයි හිටියේ. මොනව වුනත් දැන් නිවාඩුනේ. අද වගේ නිවාඩු දවසක ඔයාට සතුටු හිතෙන්නේ නැද්ද පීටර්?.
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)By : Enid Blyton
සත් සුමිතුරන් සහ බිම්ගෙයි අබිරහස – Sath sumithuran saha bimgei abirahasa
ඔයාලා බිම් ගේ ඇතුළට බහිනවා මම දැක්කා. ඊට පස්සේ සැහෙන වෙලාවක් බලාගෙන හිටියත් ඔයාලා ආපහු ආවේ නෑ. ඔන්න එනකොට තමයි ස්කැම්පර් කෙඳිරි ගාන සද්දේ මට ඇහුනේ. එයාගේ සද්දේ හරියට උදව් ඉල්ලනවා වගේ. ඊට පස්සේ මම හැංගිලා හිටපු තැනින් නැගිටලා ලණු ඉනිමග දිගේ පල්ලෙහාට බැස්සා. ඉතින් ඇයි ඔයාලා මේ බලු කුඩුවක් අස්සේ හිරවෙලා ඉන්නේ ? එළියට එන්න බැරිද?
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)By : Enid Blyton
සත් සුමිතුරන් සහ බ්‍රැම්බ්ලි වනාන්තරයේ මංකොල්ලය – Sath sumithuran saha brambli wanantharaye mankollaya
හැමෝම සැඟවුණාට පස්සේ පිටර් අතු අතරින් ඔලුව එළියට දමළා ඔවුන් ගැන විපරම් කෙරුවා. හැබැයි සත් සුමිතුරන් සැඟවෙලා ඉන්නේ කොහෙද කියලා යාන්තමින්වත් දැක ගන්න නම් ලැබුණේ නැ. ඒ නිසා පිටර්ගේ හිතට දැනුණේ පුදුමාකාර සතුටක්. මොකද මේ තරමි හොඳින් සැඟවෙළා ඉන්න නිසා ඔවුන් බලාපොරොත්තුවෙන් ඉත්ත අමුත්තාටවත් සත් සුමිතුරන් දැක ගන්න ලැබෙන්නේ නෑ.
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)By : Enid Blyton
සත් සුමිතුරන් සහ මුතුමාලයේ අභිරහස – Sath sumithuran saha muthumalaye abirahasa
පීටර්ට බය වු මිනිසා පඳුරු අතරින් දුවගෙන යන ආකාරයත්, එසේ දුව යන මිනිසා තමා සැඟ ව සිටි ගස මුලට පැමිණෙන ආකාරයත් කොලින් බලා සිටියේ පුදුමයෙනි. තවත් ටික වෙලාවකින් කිසිවෙකු ගසට නගින හඬ කොලින්ට ඇසිණි. බිම බැලූ ඔහුගේ සියොළඟ භීතියෙන් වෙවුළා ගියේ ය. ආගන්තුක මිනිසා ඔහු සිටින ගසට නගිමින් සිටියි. ඔහු ද සැඟවෙන්නට අපුරු තැනක් හොයාගෙන ඇති සෙයකි. කොලින්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේ ය. දැන් සිදුවන්නේ ඔහු හීනෙකින්වත් නොසිතූ – දෙයකි. ගසට නගින මිනිසා තමා දුටුවහොත් කුමක් සිදුවෙයි ද? කොලින්ගේ සිතේ ඇත්තේ බිය මුසු දෙගිඩියාවකි. මොන තත්ත්වයක් යටතේ වුව ද ආගන්තුක මිනිසා – ඒ අදිසි සිදුවීමෙන් බියටත්, කෝපයටත් පත්වෙන බව නම් නිසැක ය. දැන් ආගන්තුක මිනිසා ටිකෙන් ටික ගසට නගියි. කොලින් වාඩි වී සිටින අත්ත අසලට ම ගොඩ වූ මිනිසා මදක් නතර වී ගිමන් හැරියේ ය. ඔහු තවත් ටිකක් උඩට ගොඩ වුවහොත් කොලින් අසුවෙනවා සිකුරු ය.
Rs. 400.00Original price was: Rs. 400.00.Rs. 360.00Current price is: Rs. 360.00. -
(0)
සත් සුමිතුරන් සහ සුනඛ මංකොල්ලය – Sath sumithuran saha sunaka mankollaya
තමාගේ සැකය නිවැරදි බැව් කොලින්ට වැටහිණ. මේ තරම් කාලයක් බල්ලන් සොරකම් කළේ මේ මිනිසා ම විය යුතු ය. ඔහු මේ මොහොතේ රැගෙන යන්නේ ද එසේ සොරකම් කළ බල්ලෙකු බව නිසැක ය. පෙනුමේ හැටියට නම් බල්ලා විශාල වටිනාකමකින් යුතු එකතු විය යුතු ය.
Rs. 550.00Original price was: Rs. 550.00.Rs. 445.00Current price is: Rs. 445.00.
-
සත් සුමිතුරන් සහ සුනඛ මංකොල්ලය – Sath sumithuran saha sunaka mankollaya
Original price was: Rs. 550.00.Rs. 445.00Current price is: Rs. 445.00.තමාගේ සැකය නිවැරදි බැව් කොලින්ට වැටහිණ. මේ තරම් කාලයක් බල්ලන් සොරකම් කළේ මේ මිනිසා ම විය යුතු ය. ඔහු මේ මොහොතේ රැගෙන යන්නේ ද එසේ සොරකම් කළ බල්ලෙකු බව නිසැක ය. පෙනුමේ හැටියට නම් බල්ලා විශාල වටිනාකමකින් යුතු එකතු විය යුතු ය.





