• -20%
    (0)

    කළු – Kalu

    ‘පුංචි නෝනා’ යනුවෙන් නිරන්තරයෙන් රැව් පිළිරැව් දෙන හඬට අවනත වූ කලෙක මෙන් මම තවත් වරක් හිස ඔසවා ඔහු දෙස බැලීමට තීරණය කළෙමි. යන්තමින් හිස ඔසවනවාත් සමඟ ම මා දකිනා දර්ශනය පිළිබඳව මට විශ්වාසයක් නොවූ තැන මම තවත් හොඳින් ම දැක ගැනීම සඳහා දෑස් ඒ වෙත නාභිගත කළෙමි. ඒත් සමඟ ම දුටු දසුන මාගේ මුළු සිරුර ම සලිත කරවමින්, රෝමෝද්ගමනය කිරීමට සමත්ව තිබුණි. මාගේ මුව දහඩියෙන් තෙමී යද්දී, කෙළ සිඳී යමින් මුළු සිරුර ම ගිනියම් සළුවක එතුණාක් වැනි හැඟීමක් දැනෙන්නට විය.

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,000.00.
  • -10%
    (0)

    දමරඣ – Damarajha

    ගලා යන දිය රළක මෙන් උස් පනත් වීම සහිත වූ රටාවකට  මුහුදු ලිහිණින් නෞකාවේ කුඹ ගස අන්තයේ ගෑවී නොගෑවී පියඹා ගොඩබිම දෙසින් හමා ආ සුළං ධාරා විඳ දරාගනිමින්, ඒවාට ප්‍රතිරෝධයට දක්වමිනි. ලිහිණින් රංචුවේ පුරෝගාමී ලිහිණියා රටාවේ ඊ හිසක් වන් තුඩ පියඹා ගියෙන් අන් පක්ෂීන්ට තිබුණේ ඌ ලුහුබැඳීම ම පමණකි. හිරු අතාංගගත වීමට හෝරා කීපයක් තිබුණෙන් ලිහිණින් ඇදෙන්නේ උන්ගේ කැදලි කරා විය නොහැක. සයුරු රළ අතරින් ඔබ මොබ හිස් ඔසවා තිබූ ගල් පර නොසැලකිය හැකි තරමේ වූ බැවින් මුහුදෙන් වෙන් වූ කදිම තටාකයක් වන කොටසකින් සුසැදි ගොඩබිම දෙසට ලිහිණින්ගේ පියා සැරිය යොමු වුයේ කුසට තවත් යමක් එකතු කර ගැනීමේ අභිලාෂය පෙරදැරිවය. ඒ ගෝකණ නතිත්ථය යි. ජම්බුද්වීපය ආශ්‍රිත සාගර කලාපයේ නාවුක වෙළහෙළඳාමේ ප්‍රබල කාරියක් ඉටු කරනා ගෝ කණ්නයේ චිරප්‍රසිද්ධ වරාය යි. මුදු ලිහිණින් රෑන පියඹා ගොස් දැවමය නෞකා තට්ටුවක් මත ගිමන් හරින්නට වූයේ තව මොහොතකින් වරායෙන් ඉවත දමන අබලි ද්‍රව්‍යයක හෝ ධීවරයන්ගේ අපද්‍රව්‍ය වල ඇති යමක් තම රාත්‍රී භෝජනයට ගෙන, වරාය ඉස්මත්තේ ඇති ගල් පරවල ඇති කැදලිවල සිටිනා තමන්ගේ පැටවුන්ට ද ඉන් කොටසක් රැගෙන යාමේ බලාපොරොත්තු ඇතිවය. සැලකිය යුතු තරමේ විශාල වරායේ නෞකා රාශියක් ගාල් කර තිබුණෙන් එහි පිරි ඇති කරදිය පරිමාව පිළිබඳ ඉහළ ප්‍රදීපාගාරයේ සිට බලනෙකුට සිතාගත නොහැකි ය. අ

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.