• -10%
    (0)

    අයේෂා ආපසු එයි – ayesha apasu ei

    ඈ මා අසලින් සිටගෙන, මා දෙස බැලුවා ය. ඉක්බිති ව පිළිකුලෙන් නොවේ නම්, උදාසීන භාවයකින් ආපසු හැරී, ආරක්ෂකයා සමඟ පහත් හඬකින් යම් කිසිවක් කථා බස් කළාය. ඇය කී දෙයට පිළිතුරක් වශයෙන්, ලියෝ නිදාගෙන සිටි ඇඳට අත දිගු කරමින් ඔහු, හිස නවා ඇයට ආචාර කෙළේ ය. ඉක්බිති ව ඒ ස්ත්‍රීය සෙමෙන් සෙමෙන්, ප්‍රතාපවත් ලීලාවකින් ඇඳ ළඟට ගියාය. එසේ ඇඳ ළඟට ගිය ඇය, ඇඳට නැඹුරු වී, තුවාළ වී තිබුණු ඔහු ගේ හිස වැසෙන සේ බැඳ තිබුණු වෙළුමෙහි කොනක් ඔසවනු ද, ඊට පසු කියවෙන්නට ආ වචන කීපයක්, ශබ්ද නොනැඟෙන සේ මැඩ ගනුද, අනතුරුව තව දුරටත් ප්‍රශ්න කිරීමට මෙන් ආරක්ෂකයා වෙතට හැරෙනු ද මම දුටුවෙමි.
    මේ වේලාවේ දී ඔහු ඒ තැනින් ඉවත්ව ගොස් සිටියේය. මෙහි දී මා සිටින්නේ සිහි මුච්ඡා වී යැයි සිතූ ඈ, තමා සිටින්නේ තනියම යැයි කල්පනා කරමින්, ඇඳ ළඟට රළු බංකුවක් ඇද ගෙන, එහි වාඩි වී, ඇඳෙහි වැතිර ගෙන සිටි ලියෝ දෙස බලා ගෙන සිටින්නට වූවා ය. ඇය ඔහු දෙස කෙ තරම් දැඩි උනන්දුවකින් බලාගෙන සිටියා ද කියතොත්, ඒ බැල්මෙහි යම් කිසි බිහි සුණු බවක් දක්නට ලැබිණ.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -10%
    (0)

    ටාර්සන් ආපසු එයි – Tarzen apasu ei

    මහා නගරවල ජිවිතයෙන් ඉක්මනින් කලකිරෙන ටාර්සන්, අපූර්වාකාරයකින් යළිත් අප්‍රිකානු මහා සහ වනාන්තරයට ම ඇදී යයි. එහි දී දරුණු ලේච්ඡයන් සමඟ ද ඇත් දළ වෙළෙඳාමේ යෙදෙන ක්‍රෑර වෙළෙඳුන් සමඟ ද ගැටෙන ටාර්සන්, සුපුරුදු බිහිසුණු වන ජීවිතයේ දී ත්‍රාස ජනක වූ ද, ප්‍රචණ්ඩ වූද අත් දැකීම් වලට මුහුණ දෙයි. එහි දී අප්‍රිකානු ඝන වන මධ්‍යයේ වැළලී ගිය ඉපැරණි රාජධානියකට අනපේක්‍ෂිත ව පා තබන ටාර්සන්, මහා ධන නිධානයක් සොයා ගනී. එ පමණක් නො වේ. ටාර්සන්ට තමා පෙම් කළ පෙම්වතිය ද එහි දී හමු වෙයි.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.
  • -10%
    No thumb
    (0)

    ටාර්සන් ගේ පුත්‍රයා – Tarzenge puthrya

    ත්‍රාසජනක වර ක්‍රියාවන්ට ඇති ඉමහත් ආශාවන් මහ වනයේ නිදහසට ඇති ලැදි කමත් නිසා, ටාර්සන් ගේ පුත්‍ර කොරැක් හෙවත් මරුව) ශිෂ්ට සමාජයෙන් ඉවත් වී මහා වනයට පලා යයි. එහි ද ප්‍රබලතම වානරයා වන අසුට ගෙන් වන ශිල්පය ඉගෙන ගන්නා කොරැක් සිය පියා සේ ම වනයේ අධිපතියා වෙයි. මෙහිදී අරාබි ගමක වසන සුන්දර සුදු තරුණයක හා පෙමි බඳින කොරැක් ඇය රැගෙන සිය වන ගත නිවෙසට යයි.

    Original price was: Rs. 400.00.Current price is: Rs. 360.00.
  • -10%
    (0)

    ටාර්සන් සහ ඔපාරයේ මැනික් – tarzen saha oparayee manik

    ටාර්සන් වන මධ්‍යයෙහි අමතක වී ගිය හටබුන් නගරයක් වන ඔපාරයට මහා ධන නිධානයක් සොයා ගෙන යයි. එහි දී ඔපාරියානු වැසියන්ට අසු වන ටාර්සන්, සුර්ය දේවතාවාට බිලි දෙනු පිණිස, දැත් දෙපා බඳිනු ලැබ, බිලි තර්ම අල්තාරය මත නොවනු ලබයි. ඔපාරයේ ප්‍රධාන පූජකවරිය වන ලා. ටාර්සන්ට ආලය කරන්නී, ඔහු මරමි ද තො මරම් ද යන දෙගිඩියාවෙන් පසු වෙයි. මේ අතරතුර දී වාර්සන් ගේ බිරිඳ වන ජේන් ක්ලේටන් වහල් වෙළෙන්දන් වන තුර අරාබි ආක්‍රමණිකයන් පිරිසක් විසින් පැහැර ගනු ලබයි. ඔපාරයේ දී හිසට වැදුණ බලවත් පහරකින් අතීතය පිළිබඳ සියල්ල අමතක වී සිටින ටාර්සන්ට සිය බිරිඳ පිළිබඳ ව කිසි ම දෙයක් මතකයට නොඑයි. විවිධ ත්‍රාස ජනක සිද්ධි වලට හා අතුරු අත්තරා වලට මුහුණ පාන ටාර්සන්. අවසානයේ දී කෙසේ හෝ පියවි සිහිය ලබයි. එවිට වන මෘගයන් පිරිවරා ගෙන සටනට යන ටාර්සන්, ඔවුන්ගෙන් බියකරු අන්දමින් පළි ගනිමින්, ඔවුන් සමූල ඝාතනය කොට, සිය බිරිඳ වන ජේන් ක්ලේටන් බේරා ගනියි.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.
  • -10%
    (0)

    ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා – Tarzen saha swarnamaya sinhaya

    ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා -පැල්-උල්-දොන් නමැති අබිරහස් දේශයේ සිට සිය බිරිඳ වන ජේන් ද සොයා ගෙන ආපසු එන ප්‍රබල ටාර්සන්ට මහ වනයේ දී අනාථ වු සිංහ පැටවෙක් හමු වෙයි. ටාර්සන් මේ සිංහ පැටවා ගිලෑ කර හදා වඩා ගනියි. අත්ලන්තිසයන්ගේ නිධාන සොරකම් කර ගැනීමට කුමන්ත්‍රණය කරන සොර මුළකට ටාර්සන් මරා දැමීමට වුව මනා වෙයි. ඔවුහු රූපයෙන් ටාර්සන්ට අතිශයින් සමාන ව්‍යාජ ටාර්සන් කෙනකු තනති. ඔහු සැබෑ ටාර්සන්ට කෙ තරම් සමාන ද යත්. ටාර්සන් ගේ බිරිඳ වන ජේන් ක්ලේටන් පවා ඔහුට රැවටෙයි.

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.
  • -10%
    No thumb
    (0)

    නොදැමුණු ටාර්සන් – Nodamunu Tarzen

    මහ වනයේ වානර ගෝත්‍රයක් විසින් හදා වඩා ගන්නා ලද ටාර්සන්ට, පසු කාලයක දී කුමන අන්දමේ අධ්‍යාපනයක් ලැබුණ ද, ඔහු හදවතින් නම්, ශිෂ්ට සම්පන්නයෙක් නොවේ. හදවතින් ඔහු, මහා වනයට අයත්, දරුණු වන මෘගයෙකි . කෝප වූ විට, දයා විරහිත වන, ප්‍රබල, ශඨ කපට වන මෘගයෙකි. තම බිරිඳ මරා දමන ලද බව දැන ගන්නා ටාර්සන්, කෝපයෙන් හා ක්‍රෝධයෙන් දිලිසෙමින්, සතුරන් ගෙන් පළි ගන්නා බවට දිවුරමින්, මහ වනය පුරා භීතිය පතුරුවා ලයි. හුදෙකලා ව පවා, දරුණු බිහිසුණු සතුරකු වන ඔහු. පුචණ්ඩ සිංහයන් ද භයංකර වානරයන් ද පිරිවරා ගත් කල. විස්තර කළ නොහැකි අන්දමේ අනභිභවතීය බල වේගයක් වෙයි. වාතර – මිනිසා මරන ලද සිය බිරිඳ වෙනුවෙන් පළි ගන්නා අන්දම අතිභයංකර ය, අතිභීෂණාත්මක ය.

    Original price was: Rs. 1,050.00.Current price is: Rs. 945.00.
  • -10%
    (0)

    බිහිසුණු ටාර්සන් – Bihisunu tarzen

    මිය ගිය ජර්මානු නිලධාරියකු ගේ දින පොතක වූ සටහනක් අනුව. ටාර්සන් යළිත් වරක් තම බිරිඳ සොයමින් මහ වනයට වදියි. මෙසේ යන ඔහු මහා ගොහොරු බිම් ද වන ගහනයන් ද පසු කර, කාලයා විසින් අමතක කරනු ලැබූ අබිරහස් දේශයකට පැමිණෙයි. ප්‍රාග් – ඓතිහාසික වන මෘගයන් ගෙන් ද වලිග සහිත දරුණු මිනිසුන් ගෙන් ද පිරි ඇති මේ දේශයේ දී ටාර්සන් ඉන් පෙර කී කලෙක වත් මුහුණ නොදුන් අන්දමේ මහා විපත්තීන්ට මුහුණ දෙයි. කෙසේ හෝ සියල්ල ජය ගන්නා ඔහු, සිය බිරිඳ වන ජේන් සොයා ගෙන ආපසු සිය රටට පැමිණෙයි.

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.