Close
-
(0)By : Edgur rise barose
නොදැමුණු ටාර්සන් – Nodamunu Tarzen
මහ වනයේ වානර ගෝත්‍රයක් විසින් හදා වඩා ගන්නා ලද ටාර්සන්ට, පසු කාලයක දී කුමන අන්දමේ අධ්‍යාපනයක් ලැබුණ ද, ඔහු හදවතින් නම්, ශිෂ්ට සම්පන්නයෙක් නොවේ. හදවතින් ඔහු, මහා වනයට අයත්, දරුණු වන මෘගයෙකි . කෝප වූ විට, දයා විරහිත වන, ප්‍රබල, ශඨ කපට වන මෘගයෙකි. තම බිරිඳ මරා දමන ලද බව දැන ගන්නා ටාර්සන්, කෝපයෙන් හා ක්‍රෝධයෙන් දිලිසෙමින්, සතුරන් ගෙන් පළි ගන්නා බවට දිවුරමින්, මහ වනය පුරා භීතිය පතුරුවා ලයි. හුදෙකලා ව පවා, දරුණු බිහිසුණු සතුරකු වන ඔහු. පුචණ්ඩ සිංහයන් ද භයංකර වානරයන් ද පිරිවරා ගත් කල. විස්තර කළ නොහැකි අන්දමේ අනභිභවතීය බල වේගයක් වෙයි. වාතර – මිනිසා මරන ලද සිය බිරිඳ වෙනුවෙන් පළි ගන්නා අන්දම අතිභයංකර ය, අතිභීෂණාත්මක ය.
Rs. 1,050.00Original price was: Rs. 1,050.00.Rs. 945.00Current price is: Rs. 945.00.
