-
(0)By : HAL ELROD
ආශ්චර්යවත් හිමිදිරිය ashcharyawath himidiriya The miracle morning
ඔබේ පූර්ණ විය හැකියාවට අනුව ක්‍රියා කිරීම සඳහා කාලය පැමිණ ඇත. ‘ජීවිතය බෙහෙවින් කෙටිය. යන්න නිකමට කියැවෙන වාක්‍යයක් පමණක් බවට පත්ව ඇත. නමුත් මෙවර නම් එය සැබෑවකි. එහෙයින් අසතුටින් හා යාන්තමට කා බී සිටීමට කාලයත් ඔබට නැත. එය නිෂ්ඵල යමක් පමණක් නොවේ. එය දුෂ්කර යමකි. අතීතය ඔබේ විය හැකියාව නොවේ. ඔබේ අනාගතය නිදහස් කර ගැනීමට ඕනෑම පැයක දී ඔබට කටයුතු කළ හැක. බිලිඳෙකු මෙලොවට බිහිවන විට, ජීවිතයේ ආශ්චර්යයක් යයි අපි පවසමු. අප එසේ කියන්නේ ඇයි? ඒ බිලිඳාගේ විය හැකියාව අසීමිත යමක් වන හෙයිනි. එහෙත් අපි පසු කාලයේ දී ලැබෙන යමකින් තෘප්තිමත් වෙමු.ඉහත කී ආශ්චර්යය අපට නොපෙනී ගියේ අපේ ජිවිත ගමනේ කවර අවස්ථාවක දීද?
Rs. 800.00Original price was: Rs. 800.00.Rs. 640.00Current price is: Rs. 640.00. -
(0)By : david schwartz
ලොකුවට සිතන්න Lokuwata sithanna The magic of thinking big
ඔබට එය සාර්ථකව කළ හැක. ඒ බවට තරයේ විශ්වාස කරන්න. සාර්ථකත්වය අරුම පුදුම සාධනීය ධර්මතාවකි. පුද්ගලයන් ගැන සලකා බලන විට සාර්ථකත්වය යනු තම තමන්ගේ සමෘධිය අත්කර ගැනීමකි. සමාධිය තුළ බොහෝ දෑ ඇත. සුවපහසු නිවසක හිමිකාරත්වය, විනෝදය සඳහා සංචාරවල යෙදීමට ඇති හැකියාව නවීන පන්නයේ බඩු භාණ්ඩ මිලදී ගැනීමට ඇති හැකියාව. මුදල් අග හිඟයක් නොමැති බව තම තමන්ගේ දරුවන්ට උපරිම වශයෙන් අවශ්‍ය පහසුකම් ලබාදීමට හැකිවිම වැනි කාරණ ඒ අතර වෙයි. සමාජය තුළ සම්භාවනාවට පාත්‍ර වීම, සුදුසු තන්හි නායකත්වය ලැබීම සහ ඔබේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ මෙන්ම ඔබ ඇසුරු කරන්නන් ඔබ කෙරෙහි බලාපොරොත්තු තබා ගැනීම ද ඔබේ සාර්ථකත්වයේ අත්‍යවශ්‍ය ලක්ෂණ වෙයි. සාර්ථකත්වය යනු නිදහස අත්කර ගැනීමකි. කනස්සල්ලෙන්, බියෙන්, කලකිරීමෙන් සහ අසමර්ථතාවන්ගෙන් තොර වීම ඔබ අත්කර ගන්නා නිදහස වෙයි. සාර්ථකත්වය ජීවිතය පුරා අඛණ්ඩ සංහිඳියාවත් සහ සතුටක් අත්කර දෙයි. එමෙන්ම ඔබෙන් යැපෙන්නන්ට අර්ථවත් යමක් කර දීමට ඔබ සතු හැකියාව ද තහවුරු කර දෙයි. කෙටියෙන් කියතොත් සාර්ථකත්වය යනු ඔබේ ජයග්‍රහණ වෙයි. සාර්ථකත්වය නැතහොත් ජයග්‍රහණ අත්කර ගැනීම ජීවිතයේ අරමුණ වෙයි.
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.

