අපූරු ඉස්කෝලේ හිම මිදෙන කාලේ – Apuru iskole hima midena kale

Rs. 530.00 Original price was: Rs. 530.00.Rs. 477.00Current price is: Rs. 477.00.

තවත් දවස් කිහිපයක් ගෙවී ගියේ ය. දැන් පස්වැනි වාරයේ ළමෝ ඔවුන්ගේ එදිනෙදා අධ්‍යාපන කටයුතු වලට හුරු වී සිටිති. ඔවුහු නවතම පාඩම් පොත්වලින් ඉගෙන ගනිති. සිනා හඬ, කථා බහ සෑම තැනින් ම ඇසේ. හිතේ හැටියට සෙල්ලම් කරන්නටත් පාඩම් කරන්නටත් දැන් ඔවුන්ට කිසි ම බාධාවක් නැත. එමෙන් ම රාත්‍රී දහයට පසුව කැමති වේලාවක නිදා ගන්නට යන්නට ද දැන් ඔවුන්ට හැකි ය. සැබැවින් ම දැන් සෙන්ට් ක්ලෙයාර්ස් පාසල ඉතා ම අපුරු ය. එහෙත් තවත් ඔවුන්ට ඉතිරි ව තිබෙන්නේ එක පාසල් වාරයක් පමණි. ඒ ගැන සිහිපත් වන විට නම් පස්වැනි වාරයේ සෑම ගැහැණු ළමයෙකුගේ ම සිත්වලට දැනෙන්නේ දරාගත නොහැකි ශෝකයකි.”

Out stock

Out of stock

Email when stock available

Author: Enid Blyton

ශීත සෘතුවට පාසල ආරම්භ වෙලා ගිම්හාන නිවාඩුවට සති අටක්ම ගතවුනා මේ දිගු කාලය පුරාවටම සෙන්ට් ක්ලෙයාර් පාසල හිස් බවෙන් සහ නිහඬතාවයේ ගිලී තිබුනා. නිවාඩු කාලය තුළදී පාසලේ ගොඩනැගිලි අළුත් වැඩියා කිරීමේ කටයුතු සදහා මිනිසුන් පිරිසක් පැමිණ සිටිහය. පාසලේ නිහඬතාවය යන්තමෙන් හෝ නැති වූනේ ඔවුන්ගේ විවිධාකාර හඬවල් වලිනි. බුරුසු එමෙන්ම කොසුවලින් පාසලේ ගොඩනැගිලි සහ පොළව පිරිසිදු වෙද්දි ඇසෙන හඬවල් හැ- රෙන්නට වෙනත් කිසිම හඬක් කොහෙන්වත් ඇසුනේ නැත. පාසලේ සුරතල් පූසන්ට ද සිදු වූ මේ වෙනස අදහා ගැනීමට බැරි වූවා සේය. ඔවුන් ගැහැණු ළමයින් සොයා සෑම තැනම ඇවිද ගියේ ඒ නිසාය. එහෙත් දැන් පාසල නැවතත් ආරම්භ වෙන දවස පැමිණ තිබේ. ඒ නිසා සියල්ලම වෙනස් වෙලාය. ගැහැණු ළමුන් පුරවා ගත් බස් රථ නැවතත් සුපුරුදු පරිදි පාසලට එන කන්ද නගින්නට පටන්ගත්තේය. ඒ සෑම බස් රථයකම සිනාවෙන් මුව පුරවා ගත් ගැහැණු ළමුන් පිරි සිටිති. ශීත සෘතුව වෙනුවෙන් සෙන්ට් ක්ලෙයාර් පාසල නැවතත් ආරම්භ වන දිනය පැමිණ ඇත. මේක ශීත සෘතුව කියලා කවුද හිතන්නේ ?? පැට් තම නිවුන් සොයුරිය වන ඉසබෙල්ට කීවාය.

Publisher

තරංග ප්‍රකාශකයෝ – Tharanga Publishers

පරිවර්තනය :

සුදත් රොහාන් – Sudath Rohan

පිටු ගණන

152

Reviews

There are no reviews yet.

Be the first to review “අපූරු ඉස්කෝලේ හිම මිදෙන කාලේ – Apuru iskole hima midena kale”

Your email address will not be published. Required fields are marked *

Rs. 530.00 Original price was: Rs. 530.00.Rs. 477.00Current price is: Rs. 477.00.

Out of stock

Email when stock available