මෙම හමු වීමෙන් දින කීපයකට පසු ව, ඇල්බෙයා ද මොසර්ප්. මොන්ත ක්රිස්තෝ සිටුවරයා බැහැ දැකීම සඳහා ශම්ස් එලිජෙහි පිහිටි ඔහු ගේ මන්දිරයට ගියේ ය. සිටුවරයාගේ මහා ධනස්කන්ධය හේතු කොට ගෙන ඔහුගේ තාවකාලික නවා තැනකට වුව ද දිය හැකිව තිබූ ඒ මහා මාළිගාවක ලක්ෂණ ඒ වන විට ද මේ මන්දිරයට ලැබී තිබිණ. ඇල්බෙයා ද මොසර්ප් මේ ගමන ආවේ, දොග්ලාර් මහත්මියගේ ස්තුතිය යළිත් වරක් සිටුවරයා හට දැනුම් දීමට ය. මේ ස්තූති කිරීම දොග්ලාර් මහත්මිය විසින් ” දොග්ලාර් බැරන් තුමිය හෙවත් එමින් ද සෙවීය ” යනුවෙන් අත්සන් තබන ලද ලියුමක මාර්ගයෙන් කල් තියාම සිටුවරයාට දැනුම් දී තිබුණ බව මෙහි දී මතක් කළ යුතු ව ඇත. ඇල්බෙයා සමග පැමිණි ලුෂියෙන් දෙබ්රේ කථා බහට හවුල් වෙමින් සිටුවරයා ගැන ප්රශංසා මුඛයෙන් පැවසූ ඇතැම් කරුණු වල පදනම කුමක් දැයි තියුණු බුද්ධියකින් යුතු සිටුවරයාට වටහා ගැනීම අපහසු නොවූයේය. ලුෂීයෙන් තමා වෙත පැමිණ සිටියේ බලවත් කුතුහලයකින් බවත් එම කුතුහලයට මුල ස්ථානය වූයේ ශොසේ දන්තැන් වීථිය බවත් සිටුවරයා වටහා ගත්තේය.
මොන්ත ක්රිස්තෝ සිටුවරයා 4- Monte Cristo 4

Reviews
There are no reviews yet.