“මුදලාලි මට ලාම්පු තෙල් බෝතලයක් දෙන්න.” වෙළඳ සැලේ කවුන්ටරයට ඉහළින් සිමියොන් මුදලාලි දෙස බැලූ මැදිවියේ මිනිසා සිය කහට රැඳි දසන් පෙන්වා සිනාසුණේය. මෙන් බැලූ බැල්මට එම පළාතට ආගන්තුකයෙකු පෙනී ගිය හෙයින් සිමියොන් අප්පුහාමි මිනිසාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා හෙළුවේ විමසිලිමත් බැල්මකි. පිරිසිදු මේස් බැනියමකින් සහ ඉරි වැටුණු පලයකාට් සරමකින් සැරසී සිටි මිනිසා රබර් සෙරෙප්පු යුගලක් දෙපයේ ලා ගෙන හුන්නේය. තලප්පාවක් මෙන් හිස වටා ඔතාගෙන සිටි තුවාය සහ බාහිර පෙනුම අනුව ඔහු දමිළ මිනිසෙකු වන්නට ඇතැයි සිමියොන්ට සිතුණි. එහෙත් මිනිසාගේ උච්චාරණයේ තිබූ පිරිසිදු සිංහල ඌරුව ඔහුගේ එම නිගමනය තහවුරු කිරීමට ක්‍රියා කළේ නැත. වදනකුදු නොබිණිමින් අමුත්තා දිගු කළ හිස් මෙන්ඩිස් අරක්කු බෝතලය අතට ගත් සිමියොන් අඳුරු කඩයේ කෙළවරක තිබූ භුමිතෙල් බැරලය දෙසට ඇවිද ගියේ සිත තුළ නැඟී ආ කුතුහලයෙනි. සිමියොන් නොදන්නා කිසිවෙකු එම ඉසව්වේ වාසය කළේ නැත. එතරම් විශාල එකක් නොවූවද සිමියොන් අප්පුහාමිගේ වෙළඳසල බොහෝ කාර්ය බහුල ස්ථානයක් විය. සීත වතුකරයේ කඳු අතර පිහිටි හුදෙකලා ගම්මානය මධ්‍යයේ පිහිටා තිබූ කඩමණ්ඩියේ ඇති කුඩා වෙළඳසල් කිහිපයෙන් එකක් වූ එහි, අවට විසූ සිංහල සහ දමිළ ජනතාවට අත්‍යවශ්‍ය බොහෝ සිල්ලර බඩු විකිණීම සිදු කෙරිණි. වෙළඳ සලේ කොටසක් තේ කඩයක් ලෙසින් පවත්වා ගෙන ගිය බැවින් එහි ගැමියන් දෙතුන් දෙනෙකු රැඳී සිටිනු දක්නට නොලැබුණේ එහෙමත් වෙලාවකය.
1932

Reviews
There are no reviews yet.