හමාර වීමෙන් පසු ව ගැහැණු ළමෝ නිහඬව ම තමන්ගේ නිදන කාමර කරා ගමන් කළහ. කාලෝටා ඔවුන්ගේ නිදන කාමරයේ දොර සෙමින් සෙමින් විවෘත කළාය. ඇයට මුලින් ම ඇසුණේ එල් සි නින්දෙන් ගොරවන හඬ යි. දැන් බිය විය යුතු නැත. එල්සි තවමත් සුව නින්දේ ය.
අපූරු ඉස්කෝලේ අපූරු සාදය – Apuru iskole apuru sadaya
“මම කියන්නේ මේකයි. ” විවේක කාමරයේ දොර විවෘත කරමින් ඇතුළු වුණු මිරා බෙල් ළමයින්ගේ අවධානය බිඳ දමුවා ය. ” ටික වෙලාවකට මට ඔයාලට කරදර කරන්න වෙනවා. ඒකට කමක් නැද්ද? ” ” කමක් නෑ. මොකක්ද වෙලා තියෙන්නේ ? ” මිරා බෙල්ට පිළිතුරු ලැබුණේ බොබිගෙනි. “මේක ග්ලැඩිස් ගැන පුංචි කථාවක්.” මිරාබෙල් දිගු කතාවකට මුල පුරමින් කීවා ය. පෙට්ටි කාමරයේ සිටි ග්ලැඩිස් තනිවම රග පෑ ආකාරය ගැන මිරාබෙල් කියූ විස්තරය ළමුන් අසා සිටියේ පුදුමයෙනි. තමා ග්ලැඩිස්ට උදව් කිරීමට උත්සාහ කළ ද ඈ කෝප වීම නිසා ඒ දේ කිරීමට නොහැකි වූ බව ද මිරාබෙල් තව දුරටත් කියා සිටියා ය.
In stock
| Publisher | තරංග ප්‍රකාශකයෝ – Tharanga Publishers |
|---|---|
| පරිවර්තනය : | සුදත් රොහාන් – Sudath Rohan |
| පිටු ගණන | 168 |
In stock








Reviews
There are no reviews yet.