පාසලට යන්නට පෙරුම් පුරමින්.
සති හතරක නිවාඩුවක් ” පාස්කු නිවාඩුවේ පළමු උදෑසතම පිබිදුණු පැටි ඔසුලිවාන් ප්‍රීතියෙන් බෙරිහන් දුන්නාය. ඇගේ මුහුණ පුරා විසිරී තිබෙන්නේ ප්‍රිය මනාප හිනා දහරාවකි. ” දෙවියනි………..මොන තරම් අපුරු නිවාඩු කාලයක්ද? හොඳ කාලගුණයක් තිබුණොත් නම් අපිට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්.” ඇගේ නිවුන් සොයුරිය ඉසබෙල් ද නින්දෙන් පිබිදුණේ ඒ වෙලාවේදී ය. ඉසබෙල්ගේ කටහඩ ද ප්‍රීතියෙන් බර වෙලාය. ” ඉස්කෝලේදි සීනුව වැදෙනකොට ඇහැරෙන්න ඕනෑ. හැබැයි ගෙදරදි ඒ කරදරේ නැති එක කොච්චර අපූරුද? මම නම් තව ටිකක් නිදා ගන්නවා.” “අනේ මට නම් තවත් නිදා ගන්න බෑ.” පැට් ඇඳෙන් නැගිටින්නට සුදානම් වෙමින් කීවාය.






Reviews
There are no reviews yet.