මෝටර් රථයට බඩු පටවා ගැනීමට මත්තෙන් මම අවසන් වරට මහල් නිවාස සංකීර්ණයේ මට වෙන්ව තිබු නිවෙසට අයත් ඉන්වෙන්ටරිය අතට ගතිමි. දොරට පසෙකින් තබා තිබූ සූටකේ කිහිපයත්, ලියුම් කවරයක බහා මුළුතැන්ගෙයි මේසය මත තබා සිබු යතුරත්, අවසාන මොහොතේ මා අසුරාගත් භාණ්ඩ කිහිපයකින් අඬක් පිරුණු පෙට්ටියකුත් මෝටර් රථයට පටවා ගැනීමට නියමිතව තිබිණි. මුළුතැන්ගෙයි සිට බැලූ විට නිවහනේ සියලු අහුමුලු මට දැක ගත හැකිය. නිවහනේ සෑම තැනක්ම හිස්ව ඇති බව මා දුටුවත් යම් කිසිවක් අමතක වූ බවට හැඟීමක් මා මනසේ දැවටිණි. මා ගමනට සියල්ල සූදානම් කරගත්තේ කලබලයෙනි. පාසලේ අවසන් සති කිහිපය ගෙවා දමමින්, ඩැනියෙල්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දෙමින්, ගිම්හාන කාලයට පමණක් නිවහන බදු දීමට කෙනෙකු සොයමින් කාලය ගෙවා දැමූ මට, මා සැබැවින්ම මෙය සිදු කරන්නේද නැද්ද යන වග කල්පනා කිරීමට තරම්වත් කාලයක් ඉතිරිව තිබුණේ නැත. මා සැබැවින්ම යළිත් එහි යන්නේදැයි සිතා බැලීමට කාලයක් ඉතිරිව තිබුණේ නැත. තාත්තා එවූ ලිපිය පිළිබඳ ඩැනියෙල් දැනසිටියේ නැත. ඩැනියෙල් දැන සිටියේ ඔහුට උදව් කිරීමේ අදහසින් මාස දෙකකට පමණක් මා එහි පැමිණෙන බව පමණි. නිවෙස සම්පුර්ණයෙන්ම වාගේ හිස්වී තිබිණි. අගෝස්තු මාසයේ මෙහි නතර වීමට නියමිත වූ, වගකීම් සහගත පෙනුමකින් යුත් උපාධිධාරි සිසුවා පැමිණෙන තුරු බලා සිටිනා නිවස, කිසිදු උණුසුම් හැඟීමකින් තොර පෙට්ටියක් වැනිය. අසුරා ගැනීම අසීරු බැවින් පිඟන් භාණ්ඩ මෙහි තබා යාමට මම තීරණය කළෙමි. ඔහු ඉල්ලීමක් කළ නිසාත්, අමතර ඩොලර් පනහක් ගෙවූ නිසාත් මෙට්ටය මෙහි තබා යාමටද තීරණය කළෙමි. අසුරාගත නොහැකි වූ අනෙක් භාණ්ඩ, නිවසට නුදුරින් වූ ගබඩා කාමරයට යවනු ලැබිණි.
අතුරුදහන් යුවතියෝ – athurudahan yuwathiyo
ඔහු තවදරටත් මංමුළා කිරීමටත්, ඔහු ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කළ තැනැත්තා ගැන මතකයෙන් තව තවත් ඈත් කරවීමටත් සමත් විය. තමා ඇමතුම් ලබාගන්නේ කවුරුන් වෙතදැයි ඔහු දැන සිටියත් අපි ඇමතුමට පිළිතුරු ලබා දෙන මොහොත වනවිට ඔහුගේ මතකයෙන් අප පිලිහී යයි. ඉන්පසු අපගේ හඬ ඔහුට නිදහස් වා තලයේ රැදුණු නොහඳුන හඬක් පමණත්ම වේ. මම ලිපිය දිග හැරියෙමි. සටහන් පොතසින් රළු ලෙස ඉරාගත් තනිරූල් කොළයක ඔහුගේ අත්අකුරු රුල් වලින් පිටකට යන පරිදි වම්පසට බරව ලියා තිබුණේ ලියා තැබීමට අවැසි වූ දැ සිය මතකයෙන් ගිලිහී යාමට මත්තෙන් කොළයේ සටහන් කිරීමට තරගයක යෙදුණාක් පරිද්දෙනි. එහි කිසිදු සුබ පැතුමක් නොවීය. ලිපියේ නිමාවක් පවා නොවීය. වෙවුලන අතක ලිපිය රඳවාගත් මම යළිත් ඩැනියෙල්ව ඇමතීමි. ඔයාගේ පණිවුඩය ලැබුණා.’ මම පැවසීමි. ‘මම ගෙදර එනවා. මට කියන්න මොකක්ද සිද්ධවෙන්නෙ කියලා.
In stock
| Publisher | මියුසස් පොත් – Muses Books |
|---|---|
| පරිවර්තනය : | මේදාවී දික්මාදුගොඩ |
| පිටු ගණන | 452 |
In stock






Reviews
There are no reviews yet.