මා වෘත්තීය ජීවිතයට එළඹී, ගත වූයේ වසර කිහිපයකි. ඒ අතරතුර මා සමාජය පිළිබඳව විවිධ අත්දැකීම් ලද්දෙමි. අන් අය අත්දැකීම් ලබන ආකාරය දැක ගතිමි. ඉන් කිහිපයක් අර්ථවක් ලෙස ලියා සමාජයට දායාද කරන්නට බලා සිටියේ මීට වසර දෙක. තුනකට පෙර සිටයි. දැන් ඒ සඳහා අවස්ථාව උදා වී ඇත. මා එය ප්‍රයෝජනයට ගනු කැමැත්තෙමි. මේ වන විට මා රාජ්‍ය සේවකයෙකු වශයෙන් සේවය කරන අතර එලෙස කටයුතු කරන්නට අවස්ථාව හිමිවීම සඳහා ඇත්තෙන්ම පෙර පිනක් තිබිය යුතු යැයි මා දැඩිව විශ්වාස කරමි. අභිමානවත් රාජ්‍ය සේවයක් උදෙසා බැඳෙන්නට මෙලොව සියල්ලන්ටම වාසනාව නොලැබෙන බැව් අවිවාදයෙන්ම පිළිගත යුතු ය. රාජ්‍ය සේවය තුළ අගය කළ යුතු අංග හා ඇගයීමට ලක් කළ යුතු රාජ්‍ය නිලධාරින් අප්‍රමාණය. කාසියක දෙපැත්ත මෙන්ම ලොව සෑම දෙයකටම පාහේ දෙපැත්තක් ඇත. රාජ්‍ය සේවයට ද එය එලෙසින් ම පොදු වේ. යහපත මෙන්ම අයහපත ද රාජ්‍ය සේවය හා එහි නියුතු සේවකයින් අතර දැකගත හැකි ය. මෙය රෝහල, පොලිසිය, පාසල මෙන්ම බැංකුව ආදී කවර රාජ්‍ය ස්ථානයකට වුවද පොදු ලක්ෂණයකි. රාජ්‍ය සේවකයින් බොහෝ දෙනෙකු සමාජයට කොතරම් යහපතක් ඉටු කළත්, තවත් කිහිප දෙනෙකුගේ වැරදි ක්‍රියාවන් හේතුවෙන් රාජ්‍ය ආයතන බොහෝමයක් මේ වන විට දැඩි අවමානයට පත් වී තිබේ.
අවි- Avi
ජීවිතය කියන්නෙත් හරියට පොතක් වගේ දවසෙන් දවස අපි ඒ පොත කියවනවා. අලුත් අත්දැකීම් ලබනව විතරක් නෙවෙයි හුඟක් දේවල් ඉගෙන ගන්නවා. සමහරු තමන්ගෙ ජීවිත පොත බොහොම කැමැත්තෙන් කියවනවා. ඒත්, තවත් අය මේ පොත කියවන්නේ බොහොම අකමැත්තෙන්. නොකියවා බැරිකමට. කැමැත්තෙන් කරන ඕනම දේක ඇති ශක්තියට වඩා අකමැත්තෙන් කරන දේවල්වල වේදනාව දහස් ගුණයකින් වැඩියි. ඒත්, එහෙමයි කියල ඒ දේවල් කාටවත් ඕන විදියට අතාරින්න පුළුවන් කමකුත් නෑ. හැබැයි. ඒ අකමැති දේවල් වෙනස්ම ආරකට හරවලා ඒවා අපි කැමතිම දේවල් බවට පත් කර ගන්නත් හැකියාව තියෙනව. ඊට පස්සෙ අපි කැමතිම දේවල් බවට පත්වෙන්නෙ කලින් අපි අකමැතියි කියල අතාරින්න හිතාගෙන හිටිය දේවල්. මේ කතාවත් අන්න ඒ වගේ එකක්. සර් ආවෙ මං වෙනුවෙන්මයි. ඒක මට විශ්වාසයි. ඇත්තමයි ඒක අහඹු සිදුවීමක් වෙන්න බෑ ‘ එතුමා මට මුණ ගැහුණ දවසෙ මම එහෙම කිවුවා. ඒක මම කිවුවේ අතිශයෝක්තියෙන් නෙවෙයි. අවංකවම මගේ හිතට දැනුණ නිසා. එදා ඉඳන් තමයි දවසෙන් දවසම මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තෙ. ඉතින්, මට මතක් වුණා බුදුන් දවස බොහෝ පුද්ගලයන්ට නිවන් දකින්න තරම් පින් බලයක් තිබුණ කතා පුවත් ගැන. තමන්ට ගැළපෙන කර්මස්ථානයත් ඒ අය අවටම තිබුණ. උදාහරණයක් විදියට ගත්තොත්, චුල්ලපන්ථක කුමාරයාට සත්‍ය වටහා ගන්න
In stock
In stock






Reviews
There are no reviews yet.