කල්පිටි කළපු දියවර මත හිරු රැස් වෑස්සෙයි. ළා හිරු රැසින් තෙමී අවදි වී ඇඟමැළි කඩා ගත් කළපුව සරැලි නංවයි. සිහින් සරැලි එකෙකු පසුපස එකෙකු ලුහුබඳී. අඩුලුහුඬුකම් නැති රිද්මය චලනයකි. කෙළි දෙළෙනි.
හිමි දිරියටත් නොදන්වා දවස අවදි වූවා වැන්න.
වයඹදිග සතර දිග් භාගයට උදෑසන උදා වුව අහස මඳඳුරු ය.
කළපුවට හිරු රැස් ගිලිහුණ ද ආකාසේ අඳුර ගිලිහී නො යයි. පෙරඹර බොහෝ ඈත ය. හිරු නැඟෙන තැන සිට කෙතරම් ඈතට කිරණ විසුරුවන්නේ වුව එළිය පතිත වන්නේ මෑත බිමට ය. අහස මත්තේ අංශුවෙන් අංශුව බෝවී බෝ වී එළිය වැතිරෙන්නේ සුනංගු පියවරින් පිය මනිමිනි.
හෝරාවකට පමණ පෙර ඈතට නික්ම ගිය ඩෝරාව ඈතින් තිතක් ව මතු වේ. දෑසට පෙනෙන්නේ එහි වේගය යි. කනට වැටෙන්නේ කළපුවේ වේදනාව යි. තව මොහොතකින් කළපු දිය රළ රිද්මය කැඩී සුන් වී යනු ඇත.
ඉක්බිති වෙනත් රිද්මයකි.
ඊයේ රාත්‍රිය දිගු ය. දවස සේම ය. බසයෙන් ගොඩබසින විට අපර සන්ධ්‍යාව ද ඉක්ම යමින් තිබිණ.
Reviews
There are no reviews yet.