බෙරගල කන්දේ නිධානය 1 – Beragala Kande Nidhanaya 1

Rs. 550.00 Original price was: Rs. 550.00.Rs. 440.00Current price is: Rs. 440.00.

මේ ගමනට ගෙදරින් අවසර දේවිද?
අපේ සිත් තුළ මතුවුණ ඉමහත් කුතුහලය නිසාම අපි මොහොතක් ගොළුවීමු. අනතුරුව වක්කඩ කඩා හැළුණාක් මෙන් අපි එකිනෙකා නිමල් අයියාගෙන් එක දිගට ප්‍රශ්න අසන්නට වීමු.
” බෙරගල කන්ද කොහෙද තියෙන්නේ? ”
” ඒක තියෙන්නෙ කුරුවිට පැත්තෙ ”
” ඒ කන්ද ගොඩාක් උසයිද? ”
“ඔව්. සෑහෙන්න උසයි. ඒක කන්දක් කීවට සැතපුම් සිය ගණනක් ඈතට විහිදුණු කඳු වැටියක්. මේ බෙරගල කන්දත් ඒ කඳු වැටියේම කොටසක්. බෙරගල කන්ද වටා පැතිරුණ මහ වනය තමයි මේකෙ තිබෙන විශේෂත්වය.’
” මොකක්ද ඒකෙ තිබෙන විශේෂත්වය ? ‘
” ඒක වසර දස දහස් ගණනක් ඉපැරණි මහා වනාන්තරයක්.’ නිමල් අයියා විස්තර කරන්නට විය. ඒකෙ දුර්ලභ ගණයේ ඖෂධ පැළෑටි, දුර්ලභ ශාක වර්ග වගේම වෙනත් ප්‍රදේශ වල දක්නට නැති පාෂාණ වර්ගත් තිබෙනවා.”
“එහෙම වෙන්නෙ කොහොමද? ඒ වනාන්තරයෙ පමණක් එහෙම විශේෂයක් මොකද?” කෝකටත් හොට දමන නාලිනී ඇසුවාය.
“එවැනි විශේෂ භුමි ලක්ෂණ තිබෙන තැන් අපේ මේ මහ පොළොවේ විවිධ ස්ථානවල තියෙනවා.* නිමල් අයියා මඳක් කල්පනාකාරීව කීවේය. උතුරු ඇමෙරිකාවේ තියෙන පංච මහා විල් ප්‍රදේශ එවැනි එක් තැනක්.

Out stock

Out of stock

Email when stock available

Author: ආරියනන්ද දොඹගහවත්ත - Ariyananda Dobagahawaththa

Publisher

වාසනා ප්‍රකාශකයෝ – Wasana Prakashakayo

පිටු ගණන

176

Reviews

There are no reviews yet.

Be the first to review “බෙරගල කන්දේ නිධානය 1 – Beragala Kande Nidhanaya 1”

Your email address will not be published. Required fields are marked *