දැවැන්ත මෘගය, තමා අවට ඇති ගන සෙවණැලි සේ ම නිහඬව නිශ්ශබ්ද ව, දැඩි අන්ධකාරයට අසා ගත් කස-පලාවන් දෙ නෙත බමවමින්, පිටු පසින් උස් පහත් වෙමින් ඇදී ගිය ප්‍රබල වලිගයෙන් හා නවා ගත් හිසෙන් යුතු ව, දඩයමේ ත්‍රාසයෙන් සෑම මාංස පේශියක් ම ස්පන්දනය කරවමින්, මධ්‍යම රාත්‍රී වන ගහනය මැදින් ගමන් කෙළේය. වනයෙහි ඉඳ හිට දක්නට ලැබුණු එළි මහන් බිම් පෙදෙස් සඳ පහනෙන් ලප ගැන්වී ආලෝක වී තිබිණ. එ බඳු තැන් මග හැරීමට මේ මහ බළලා සෑම විට ම පරිස්සම් වුයේ ය. දහසක් රිකිලි වලින් ද කැඩුණු බිඳුණු අතු ඉතිවලින් හා කොළ පරණ ලාදියෙන් ද පලසකින් මෙන් වැපී ගිය පලාවන් දළ ඇතිරිල්ලක් මත ඌ ගමන් කළ ද, මොට වූ මිනිස් දෙසවනකින් ඇසිය හැකි හඬක් නම් උගෙන් පිට නොවූයේ ය. ලුහුබඳිනු ලැබූ සත්ත්වයා ද සිංහයා මෙන්ම නිහඬව, ඒ මාංස පක්ෂක මෘගයාට පියවර සියයකට ඉදිරියෙන් ගමන් කළ ද, ඔහු සඳ පහනෙන් ආලෝක වූ එළි මහන් බිම් පෙදෙස් මඟ හරිනු වෙනුවට, ඒවා මධ්‍යයෙන් ම ගමන් කෙළේය. ඔහු ගේ ඉව අනුව නම්, ඔහු මෙ සේ ගමන් කෙළේ. කරදර හිරිහැර මඟ හැරවීමේ අදහසින් යැ යි අනුමාන කළ හැකි වීය.
බිහිසුණු ටාර්සන් – Bihisunu tarzen
මිය ගිය ජර්මානු නිලධාරියකු ගේ දින පොතක වූ සටහනක් අනුව. ටාර්සන් යළිත් වරක් තම බිරිඳ සොයමින් මහ වනයට වදියි. මෙසේ යන ඔහු මහා ගොහොරු බිම් ද වන ගහනයන් ද පසු කර, කාලයා විසින් අමතක කරනු ලැබූ අබිරහස් දේශයකට පැමිණෙයි. ප්රාග් – ඓතිහාසික වන මෘගයන් ගෙන් ද වලිග සහිත දරුණු මිනිසුන් ගෙන් ද පිරි ඇති මේ දේශයේ දී ටාර්සන් ඉන් පෙර කී කලෙක වත් මුහුණ නොදුන් අන්දමේ මහා විපත්තීන්ට මුහුණ දෙයි. කෙසේ හෝ සියල්ල ජය ගන්නා ඔහු, සිය බිරිඳ වන ජේන් සොයා ගෙන ආපසු සිය රටට පැමිණෙයි.
In stock
ISBN : 9555511195
Categories: Horror - ත්‍රාස්‍යජනක, නවකතා, පරිවර්තන
Tags: Bihisunu tarzen, K.G. karunathilake, එඩ්ගර්.රයිස්.බරෝස්, බිහිසුණු ටාර්සන්
Author: Edgur rise barose | Publisher | දයාවංශ ජයකොඩි සහ සමාගම – Dayawansha Jayakody |
|---|---|
| පරිවර්තනය : | K.G. Karunathilake |
| පිටු ගණන | 333 |
Be the first to review “බිහිසුණු ටාර්සන් – Bihisunu tarzen” Cancel reply
Related Products
(0)
By : jackie collins
මූ නං මහ….
(0)
සදාම් සමඟ මා පාරිසුලා
(0)
මැරෙන්න තීරණේ කරයි – VERONIKA MARENNA THIRANAYA KARA
(0)
තෙත්සූයා නම් දුනුවායා
(0)
ගිම්හාන ගීතය – Gimhana Geethaya
In stock






Reviews
There are no reviews yet.