බොලිවියානු දිනපොත Bolivianu dinapotha

Rs. 1,000.00 Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00.

අර්නස්ටෝ වේ ගුවේරාගේ බොලිවියානු දිනපොත 1968 සිට 2009 දක්වා වූ වසර 41 ක් තුළ ලොව විවිධ භාෂාවන්ගෙන් සංස්කරණයන් 330 ක් ඉක්මවා ප්‍රකාශයට පත් වූ චිරප්‍රසිද්ධ කෘතියකි. 1967 ඔක්තෝබරයේ බොලිවියානු හමුදාවේ ග්‍රහණයට පත්ව, අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවයේ අනුදැනුම මත ඝාතනයට ලක් වූ මෙම අභීත විප්ලවවාදියාගේ උර මල්ලේ තිබී හමු වූ මෙය චේගේ අවසන් දින පොත ලෙස ඉතිහාසයට එක්වේ. මුල් සංස්කරණ වලට ඇතුළත් නොවූ පිටු කිහිපයක්ද ඇතුළත් කොට ඔහුගේ බිරිඳ වූ අලෙයිදා මාර්ච් විසින් සකස් කරන ලද චීගේ බොලිවියානු දිනපොත ඇමෙරිකානු ආක්‍රමණික යුද්ධයෙන් හෙම්බත් වූ වියට්නාමයට අතහිත දීම සඳහා සමස්ත දකුණු අමෙරිකානු මහද්වීපය පුරා විප්ලවයක් දියත් කිරීමට වේ ගත් පරමාදර්ශී උත්සාහයේ අත්‍යන්ත උරුමය ලෙස කීර්තියට පොත්‍ර වී ඇත.

In stock

ජූනි 14 වැනිදා ආර්ජන්ටිනාවේ උපත ලද 1928 අර්නස්ටෝ වේ ගුවේරා 1953 වන විට බුවනෝර්ස් අයර්ස් සරසවියේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත්තේ ය. තරුණ වෛද්‍යවරයෙකු ලෙස අමෙරිකාව පුරා සංචාරයක නිරත වූ වේ ගේ විප්ලවීය දර්ශනය ඔහු තුළ ලියලා වැඩුණේ මේ අවධියේ ය. 1954 චේ ගෝතමාලාවට පැමිණියේ ය. රටෙහි ජනතාවගේ සුභසිද්ධිය සඳහා වූ ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දෙමින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගොඩනැඟීමට කටයුතු කරමින් සිටි ජනාධිපති ජැකොබේ ආබෙනෙස් ගුස්මාන් නෙරපා හැරීමට රටේ හමුදා නායකයන් සී. අයි. ඒ. සංවිධානයේ ද සහය ඇතිව ගෙන ගිය කුමන්ත්‍රණයට එරෙහිව නැගී සිටීමට වේ ආබෙනෙස්ට සහය වුව ද, හමුදාව විසින් ආබෙලෙස් බලයෙන් පහ කරන ලදි. ගෝතමාලාවෙන් පිටවී මැක්සිකෝවට පැමිණි වේ. එහිදී පිදෙල් කස්ත්‍රෝ ඇතුළු කියුබානු විප්ලවවාදීන්ට එකතු වී කියුබානු විප්ලවයට සහය දුන්නේ ය. 1956 දෙසැම්බර් මාසයේ දී කියුබානු විප්ලවය ඇරඹීම පිණිස ග්‍රැන්මා නෞකාවෙන් කියුබාවට පැමිණි පිරිස අතර ද විය. වෛද්‍යවරයකු ලෙස ගරිල්ලා හමුදාවට බැඳුණු ඔහු වැඩිකල් නොගොස් ම හමුදාවේ අණදෙන නිලධාරි තනතුරට උසස් විය.

Publisher

සුරස – Surasa (fast publishing)

පරිවර්තනය :

Malini govinnage

පිටු ගණන

300

Reviews

There are no reviews yet.

Be the first to review “බොලිවියානු දිනපොත Bolivianu dinapotha”

Your email address will not be published. Required fields are marked *

Rs. 1,000.00 Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00.

In stock