මුළු ආකාශ තලයම ගිගිරුම් දෙමින් චණ්ඩ මාරුතයක පෙරමඟ කියන්නා සේ අකුණු සරින් අලෝකමත් වෙමින් තිබිණි. දසත වූ මහා වෘක්ෂලතාවෝ වේගයෙන් හමා යන මාරුතයෙහි එතී. ඒ මේ අත සෙලවෙමින්, තම අනුශාඛා ආයාසයෙන් දරා සිටියහ. කලබලයට පත් ඇතැම් සුනඛයෝ අන්ධකාරයෙහි ගිලී අකුණු සරින් නිරන්තරයෙන් ආලෝකමත් වන ආකාශ තලය දෙස හිස් හොවා උඩු බිරූහ. ඒ මුළු මහත් ලෝකයක්ම නිද්‍රාගතව හුන් පාළු මධ්‍යම රාත්‍රියකි. වීදියේ විදුලි පහන්වල දැල්වෙමින් තිබූ ආලෝකය නිවී ගොස්, මුළු ප්‍රදේශයම අන්ධකාරයෙහි ගිලී පැවතුණි. සියුම් වීදුරු කැට පොළෝ ගැබ සිසාරා පතිත වන්නා සේ, ඉමක් කොනක් නොමැතිව චිරි චිරි හඬ නගමින් බිම පතිත වන්නා වු අරුමෝසම් වර්ෂාව මධ්‍යයේ ඝන අන්ධකාරය තුළින් අහස් තලයේ සිට පොළොවට බැස ගත් මනුෂ්‍ය රුවැති – අමනුෂ්‍යයෙකි. ඔහුගේ ඇස් ගිනි පුළිඟු සේ රක්ත වර්ණයෙන් දිදුලන්නට විය. මුඛය අගින් රුධිරය ගලා යමින් තිබිණි. එකෙණෙහිම ඔහු පසුපසින් පොළොව මතට පතිත වූ මනුෂ්‍යයෙකුගේ නිසල දේහයකි. තම සහචරයින් දෙදෙනෙකුද කැටුව රාත්‍රී සංචාරයේ යෙදුණු අමනුෂ්‍යයා සිටියේ කොළ
චන්ද්‍ර රක්ත – Chandra raktha

Reviews
There are no reviews yet.