රූකාන්ත ගුණතිලක, චන්ද්රලේඛා පෙරේරා ගායක යුවළ 1997 ජනාධිපතිවරණයේ දී එජාප ජනාධිපති අපේක්ෂක රනිල් වික්රමසිංහගේ වේදිකාවේ ගී ගැයූහ. ඒ වෙනුවෙන් ඔවුන්ට ගෙවන්නට සිදු වූ වන්දිය අති විශාලය.
2000 ජනවාරි 27 වැනි දින රාත්රියේ ඔවුන් පදිංචි වී සිටි මත්තේගොඩ නිවසට චන්ද්රිකා මාෆියාවේ අවි ගත් කණ්ඩායමක් කඩා වැදිණි. එම කණ්ඩායමට නායකත්වය දුන්නේ බැද්දගානේ සංජීව ය.
එදා මේ යුවළට මුහුණ දෙන්නට සිදු වූ බිහිසුනු අත් දැකීමෙන් පසු ඒ ගැන ඔවුන් දෙදෙනා පුවත්පත් සාකච්ඡාවක දී පළ කළ අදහස් 2000 පෙබරවාරි මස 6 වැනි ඉරිදා “ලංකාදීප” පුවත්පතේ වාර්තා කර තිබුණේ මෙසේ ය.
” දෙවියන්ට ස්තුති වේවා. අපි තාමත් ජීවත් වෙනවා.”
————————————-
චන්ද්රිකා කුමාරතුංග මහත්මිය වරක් ශාලිමාර් මුදලාලි තමන් වෙත කැඳවා, දේශපාලන කටයුත්තක් සඳහා තමන්ට ලක්ෂ තුනක තරම් මුදල් ප්රමාණයක් අවශ්ය වී ඇති බව කියා එය පරිත්යාගයක් ලෙස තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. මුදලාලි ඇයට එම මුදල දුන්නේ ය. තවත් මාස කිහිපයකට පසු ව නැවත ඇය ඔහු කැඳවා, තමන් ළඟ මුදල් ටිකක් ඉතිරි වී තිබෙන බව කියා එය පොලී කර දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියාය. ලැබුණු මුදල් රැගෙන ගිය ඔහුට දැක ගත හැකි වුයේ, තමාගෙන්ම පරිත්යාගයක් වශයෙන් ලබා ගත් ලක්ෂ තුනේ මිටි තුන ද තමා විසින් මිටි බැඳීම සඳහා යොදා ගත් නූල සමග එහි තිබෙන බවය. ඔහු සිය මිතුරකුට කියා ඇත්තේ ඇය තමාගෙන් පරිත්යාග වශයෙන් ලබාගන්නා මුදල් ආපසු තමාට ම දී පොලී කරවන වර්ගයේ තුට්ටු දෙකේ ගැහැනියක බවය.
චෞර රැජින – Chaura Rajina

Out of stock
Email when stock available
Publisher | රාවය ප්‍රකාශන්‍යක – RAWAYA PUBLISHE |
---|---|
පිටු ගණන | 192 |
Out of stock
Reviews
There are no reviews yet.