එක්වරම අපගේ පැත්තෙන් 40.මී.මී, රොකට් ලෝන්චරයකින් බෝම්බයක් කලපුවේ ඉදිරියට ලෝන්ච් පුපුරා ගියේ පළාතේ තිබූ නිහැඩියාව අවසන් කරමිනි.
” එයි කව්ද යකෝ මම මිමිනුවේ. ආයාසයකින් තොරවමය.
ඒ සමගම ඉදිරියේ සිටි ත්රස්තයින්ගේ වෙඩි සටන ආරම්භ වූ අතර එය රයි*ෆල් උන්*ඩ, මෝටා*ර්, අරූල් ආදී සෑම වර්ගයකින්ම බැව් ක්ෂණයකින් වැටහුණි. කලපුව එකම මල්වෙඩි සන්දර්ශනයක් බවට පත්වෙත්දී අපගේ කන් පමණක් වතුරෙන් උඩ තබාගෙන (වතුරට වැටී පුපු*රන බෝ*ම්බ වලින් කන් ආරක්ෂා කර ගැනීමට) අපේ ප්රති ප්රහාර ඇරඹුවේ ආශාකින් තොරවය.
“බුදු අම්මේ….” ඒ හඬ මමත් ධර්මදාසත් ළඟින්ම සිටි “චාලි” බලගණයේ සාමාන්ය සෙබළ ප්රසන්න කුමාරගේය, ඔහු වැටෙද්දීම මම වම් අතින් ඔහුගේ කිහිල්ලට අත දමා වත්තම් කරගන්ගේ අනිත් පැත්තේ සිටි ධර්මදාසගේද සහාය ඇතිවය. දැන් අප තුන් දෙනාට පිටුපසින් කොටුව දක්වා කිසිවකු නැත. සියලු දෙනා තම තමාගේ සටනේ යෙයදමින් මඩතිව් දක්වා යමින් සිටී. මා සිතට දැඩි පාලුවක් හා තනි වූ බවක් දැනුණ අතර ෂොට් එකක් වැදුණොත් කලපු වතුර බී වතුරේම මිය යන්නට වන බව සිහිපත් විය.
” ධර්මේ ඉක්මනට පහිමු පුළුව්වත් තරම් පහත් වෙලා යමං.”
අප දෙදෙනා කෙදිරි ගානු ප්රසන්න කුමාරද ඇදගෙන ඉදිරියට ගිය ආකාරය විස්තර කිරීමට මතකයක් නැත. කෙසේ හෝ වෙ*ඩි තබමින් සට*නේ යෙදෙන කීප දෙනෙකු පසු කරන්නට අප සමත් විය.
Reviews
There are no reviews yet.