දිගාමඩුල්ලේ ආශ්චර්ය [මායාරංජන්] – Dhigamadulle achchrya

Rs. 750.00 Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.

සිරිමල් සහ මම, මඩකලපුවෙන් උදේ නවයට පිටත් වූ තැපැල් බස් රියේ නැඟුණෙමු. එය අප ද ගෙන මුහුදු වෙරළ ඔස්සේ දකුණු දිගට විහිදුණු මාවතේ ගමන් ගත්තේ ය. මුල් මයිල පසළොස තුළ දැත්ත හැකි මහත් ආශ්චර්යයෙක් නැති. තැනෙන මිටි පඳුරින් වැසුණු නිසරු වැලි බිම් ය. අතරතුර සරු පොල් වතු සහ කජු ඉඩම්ය. මානෙන් මාන, දෙමළ – මරක්කල සිරිත අනුව කටු පැළැලි. අතු පැළැලි ආදියෙන් ඇවුරුණු ගෙ මිදුලේ ඇති ගම් පිහිටියේ ය. පසළොස් වැනි මසිලංකණුව ‘කලුවංචිකුඩි’ නම් ගමැ විය. එතැන් සිට බසයේ සිටියකුට වම් පසින්, තැනින් තැන මුහුදත්. අතර තුර මඩකලපුවේ සිට කල්මුනේ අසලටම විහිදෙන කලපුවේ කොටසුත් පෙනේ. එහෙත් දකුණතින් පෙනෙනුයේ ගාස්තුවක් ගෙවා බලන්නට වටින දැකුමෙකි. එය නම් ගොවි – ඇසට මිහිරක් වන මනහර වෙල් එළියෙකි. මාවතේ කාණුවෙන් පටන් – ගන්නා කුඹුරුයාය ඇත – ඉතා ඇත. ඌවේ කඳුකරය පශ්චාද් භාග කොට – ගත් අඳුරු වන තිරය තෙක් ම එක එල්ලේ විහිද ගිය මනහර සමතලයෙකි. මඩකලපුවෙන් මයිල හැටහයක් දුර පිහිටි පොතුවිල තෙක් පමණක් මා දැක ඇති නමුත්, තොරතුරු අනුව දකුණු දිග වෙරළ දක්වාම ආදියෙහි පැතිර පැවැතියෙකි. එහෙයින් මෙය ම පැරැණි දිගාමඬුලු ජනපදයෙහි කීර්තියට දෙස් නොවේද? එපමණක් නොව මේ සිත්කලු දර්ශනය අවුරුද්දේ ඍතුවෙන් ඍතුව ඒ වෙස් ගෙන බැබැළෙන ඉඩමෙකි. වැසි කලට නිබඳ දියෙන් පිරි – ගත් කල කලපුවෙක සිරි ගන්නේය. ඊසාන මෝසම් වැස්ස අඩු වෙද්දී, පලාවන් ගොයමින් වැසී, හරිත වර්ණ සමුද්‍රයෙක ශෝභාව පාන්නේ ය. ගොයම වැඩෙද්දී දෙමළ – මරක්කල ගොවීන් ගේ පැල් පැන – නැගෙයි

Author: Maya Ranjan

සිරිමල් සහ මම, මඩකලපුවෙන් උදේ නවයට පිටත් වූ තැපැල් බස් රියේ නැඟුණෙමු. එය අප ද ගෙන මුහුදු වෙරළ ඔස්සේ දකුණු දිගට විහිදුණු මාවතේ ගමන් ගත්තේ ය. මුල් මයිල පසළොස තුළ දැත්ත හැකි මහත් ආශ්චර්යයෙක් නැති. තැනෙන මිටි පඳුරින් වැසුණු නිසරු වැලි බිම් ය. අතරතුර සරු පොල් වතු සහ කජු ඉඩම්ය. මානෙන් මාන, දෙමළ – මරක්කල සිරිත අනුව කටු පැළැලි. අතු පැළැලි ආදියෙන් ඇවුරුණු ගෙ මිදුලේ ඇති ගම් පිහිටියේ ය. පසළොස් වැනි මසිලංකණුව ‘කලුවංචිකුඩි’ නම් ගමැ විය. එතැන් සිට බසයේ සිටියකුට වම් පසින්, තැනින් තැන මුහුදත්. අතර තුර මඩකලපුවේ සිට කල්මුනේ අසලටම විහිදෙන කලපුවේ කොටසුත් පෙනේ. එහෙත් දකුණතින් පෙනෙනුයේ ගාස්තුවක් ගෙවා බලන්නට වටින දැකුමෙකි. එය නම් ගොවි – ඇසට මිහිරක් වන මනහර වෙල් එළියෙකි. මාවතේ කාණුවෙන් පටන් – ගන්නා කුඹුරුයාය ඇත – ඉතා ඇත. ඌවේ කඳුකරය පශ්චාද් භාග කොට – ගත් අඳුරු වන තිරය තෙක් ම එක එල්ලේ විහිද ගිය මනහර සමතලයෙකි. මඩකලපුවෙන් මයිල හැටහයක් දුර පිහිටි පොතුවිල තෙක් පමණක් මා දැක ඇති නමුත්, තොරතුරු අනුව දකුණු දිග වෙරළ දක්වාම ආදියෙහි පැතිර පැවැතියෙකි. එහෙයින් මෙය ම පැරැණි දිගාමඬුලු ජනපදයෙහි කීර්තියට දෙස් නොවේද? එපමණක් නොව මේ සිත්කලු දර්ශනය අවුරුද්දේ ඍතුවෙන් ඍතුව ඒ වෙස් ගෙන බැබැළෙන ඉඩමෙකි. වැසි කලට නිබඳ දියෙන් පිරි – ගත් කල කලපුවෙක සිරි ගන්නේය. ඊසාන මෝසම් වැස්ස අඩු වෙද්දී, පලාවන් ගොයමින් වැසී, හරිත වර්ණ සමුද්‍රයෙක ශෝභාව පාන්නේ ය. ගොයම වැඩෙද්දී දෙමළ – මරක්කල ගොවීන් ගේ පැල් පැන – නැගෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “දිගාමඩුල්ලේ ආශ්චර්ය [මායාරංජන්] – Dhigamadulle achchrya”

Your email address will not be published. Required fields are marked *

Rs. 750.00 Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.