ගම්මුලාදෑනියා ‘ යන්න පසුගිය සියවස් ගණනාවකට පෙර සිට ම බිහි වූ තනතුරකි. ඊට පෙර මෙම තනතුර විවිධ නම් වලින් හඳුන්වා ඇති බව ද පැවසිය හැක. ගමකට හෝ ගම් කිහිපයකට ප්‍රධානියකු ලෙස රාජකාරි කරන්නා එකල මෙම තනතුරෙන් හැඳින් වූ අතර එකී තනතුර ඒ ඒ යුගවල දී විවිධාකාරයෙන් හඳුන්වා තිබේ. බොහෝ අවස්ථාවලදී රජු නියෝජනය කිරීම සඳහා ප්‍රදේශ භාරව සිටි දිසාවේ, රටේ මහත්තයා සහ කෝරළේ මහත්තයා වැනි තනතුරු වලට අමතරව ගම් මට්ටමේ සිටි නිලධාරියා මොහුය. ගමට රාජකාරි කරන මුලාදෑනියා යන අර්ථයෙන් ගම්මුලාදෑනියා ලෙස ඔහු හැඳින් වුවද ‘මුලාදෑනියා’ යන වචනය රජු වෙනුවෙන් රාජකාරි කළ නිලධාරීන්ට පොදුවේ භාවිත කළ බව ඉතිහාස කරුණු අනුව පෙනී යයි. යම් රාජකාරියක් කරමින් පිරිසක් පාලනය කරන්නා ද මුලාදෑනියා’ ලෙස හඳුන්වා ඇත. කෙසේ වුවද මෙම තනතුර ලාංකීය සමාජය තුළ මුල්වරට ඉස්මතු වන්නට ඇත්තේ පණ්ඩුකාභය රජ සමයේ යැයි අපට සිතිය හැකිය. එතුමා විසින් ස්වකීය රාජ්‍ය පාලන කාලය තුළ රට පුරා ම ග්‍රාම සීමා මායිම් පිහිටුවා පරිපාලනය ශක්තිමත් කළ බව ඉතිහාසය, කියයි. ඒ අනුව එතුමා විසින් රුහුණු රටෙන් 780000 ක්ද, මායා රටෙන් 250000ද පිහිටි රටෙන් 450000 ද ගම් සඳහා ග්‍රාම සීමා මායිම් සලකුණු කරන ලදැයි මහාචාර්ය මාලනී ඇඳගම විසින් රචිත ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය නම් කෘතියේ 1 පරිච්ඡේදයට අදාළ සටහන්වල 11 වැනි වගන්තියේ දැක්වේ (16 පිටුව). මෙහිදී පරිපාලනයේ පහසුව සඳහා ග්‍රාමය භාරව ප්‍රධානියෙක් සිටින්නට ඇතැයි අනිවාර්යයෙන්ම විශ්වාස කළ හැකිය.
ගම්මුලාදෑනි වතගොත – Gammuladeni wathagotha

Reviews
There are no reviews yet.