“ඔන්න, වත්තෙ මහත්තයා අලුත් කාර් එකක් අරං තාත්තා ගෙට ගොඩ වෙද්දී ම එසේ කීවේ අම්මාට ඇසෙන්නට ය. කුස්සියේ වැටී ගෙන ළිපේ ගිනි මොළවමින් සිටි අම්මා කෙළින් වී. දුම් වැදීමෙන් දෙඇසින් ගැලූ කඳුළු පිස දමමින් ” හැබෑට?” කී නමුත්, ඒ වැඩි කල්පනාවක් නැති වය. ඇගේ අවධානය යොමු වූයේ, තමා හුදෙකලාවම කළ යුතු වූ, පවුලේ දස දෙනාගේ රෑ කෑම පිළියෙල කිරීම වෙත ය. අපේ පවුල මවු – පිය දෙදෙනගෙන් සහ දරුවන් අට දෙනෙකු ගෙන් යුක්ත විය. කටු මැටියෙන් තනා පොල් අතු සෙවිලි කොට බිමට ගොම ගා තිබුණු, කුඩා කාමර දෙකකින් සහ ඉස්තෝප්පුවකින් යුත් අපේ ගෙට යාබද වම, පොල් අතුවලින් අහුරා සාදන ලද කුඩා කුස්සිය ද විය. තාත්තා, ඉස්තෝප්පුවේ පැත්තකට හරවා තබා තිබුණු වංගෙ ඩිය උඩ හිඳ ගත්තේය. අම්මා නැවතත් ළිපේ ගින්න දල්වා ගැනීමේ කාර්යයෙහි යෙදුණාය. බැස යන හිරු දැන් ගස් – කොළන්වලට මුවහ වී සිටී. තමා එදින ලද අහරින් තුටු පහටු වූ නිසා දෝ ගෙය ඉදිරි පස අඹ ගසේ ඉහළ අත්තක සිට ගත් පොල්කිච්චා තම ගී පදය යළි යළිත් ගයයි. තාත්තා ගෙනා ආරංචිය ගැන අම්මා එතරම් සැලකිලිමත් නුවුවද, මට නම් එය මගේ කුතුහලය අවුස්සනසුලු පුවතක් විය. මම මෝටර් රිය ගැන විසිතුරු තාත්තාගෙන් අසන්නට වූයෙමි.
ගැට කපන කොල්ලා – Geta kapana kolla

Out of stock
Email when stock available
| Publisher | ගොඩගේ – GODAGE |
|---|---|
| පිටු ගණන | 208 |
Out of stock

Reviews
There are no reviews yet.