නිවුන් සොයුරියෝ හිරු එළිය හොඳින් වැටෙන ගිම්හානයේ සවස් කාලයක ටෙනිස් ක්‍රීඩා පිටියක කොළපාට තණ නිල්ලේ ගැහැණු ළමුන් සිව් දෙනෙක් වාඩි වී ලෙමනේඩ් පානය කරමින් සිටිති. පොළොව මත ඔවුන්ගේ ටෙනිස් පිති වැතිර තිබූ අතර ටෙනිස් පිටිය පුරා සුදු පැහැති ටෙනිස් බෝල හයක් විසිරී ඇත. ගැහැණු ළමුන් සිව් දෙනාගෙන් දෙදෙනෙක් නිවුන්නු ය. ඉසබෙල් සහ පැට්‍රිෂියා ඔසුලිවාන් නමැති ඔවුහු හැම අතින් ම එක සමාන දැරියන් දෙදෙනෙකි. ඔවුන් කොතරම් සමාන ද යත් ඉසබෙල් හා පැට්‍රිෂියා කවුදැයි එක වරම වෙන්කර හඳුනා ගැනීම ඇත්තටම අපහසුය. ගැහැණු ළමුන් දෙදෙනාගේ හිසකෙස් දුඹුරු ය. දිලිසෙන සුළුය. දෙනෙත් නිල් පැහැතිය. දෙතොල් මත ඇඳෙන සිනාව සිත් ගන්නා සුළු ය. අයර්ලන්ත පෙනුමක් ඇති මේ දැරියන්ගේ කටහඬ නැවත නැවතත් අසන්නට තරම් මිහිරිය. නිවුන් දැරියන් දෙදෙනා සමග සිටින්නේ ඔවුන්ගේ යෙහෙලියන් දෙදෙනෙකි.






Reviews
There are no reviews yet.