මුළු ගමම එය දැන ගත්තේ ඇසළ පසළොස්වක පෝය දා උදෑසන අටයි දහයටය. අස්සජි නායක ස්වාමීන් වහන්සේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් උපාසික උපාසිකාවන් පංච ශීලයේ පිහිටුවා එදින ධර්ම දේශනාවට නියමිත බණ පදය කියන්නට සූදානම් වුවා පමණි. පන්සලේ ඇබිත්ත කොලුවාගේ උස් හඬ ධර්ම ශාලාවේ ඈත කෙළවරින් උන්වහන්සේට ඇසුණේය. ‘විමලරත්න මහත්තය මරල දාල. මුල්ම බණ පදය කියන විට අස්සජි ස්වාමීන් වහන්සේට එය පැහැදිලිව ඇසුණේ නැත. ඒ නිසා උන්වහන්සේ අප්පමාදෝ අමත පදං’ යනුවෙන් වදාරා ඊළඟට පමාදෝ මච්චුනෝ පදං’ යැයි දේශනා කළේ සැකයෙන් යුතුවය. එහෙත් පන්සලේ ඇබිත්ත කොලුවා අර වචන කීපය ධර්ම ශාලාවේ ඈත සිටි කෙනෙකුට උස් හඬින් පවසන විට උන්වහන්සේ අප්පමත්තා නමීයන්ති’ වෙනුවට මොකද්ද සරත් කිව්වේ’ යැයි ප්‍රශ්න කළහ. එවිට තුන්වෙනි වරටත් ඇබිත්ත කොලුවා අර වචන කීපය කෑ ගසා පවසන හඬ ධර්ම ශාලාවේ කෙළවරින් ඇසිණි. ඒ සමඟ විමලරත්න මහත්තය මරල දාල ?’ යැයි මයික්‍රෆෝනය දෙදරවමින් උන්වහන්සේගේ හඬ රැව් පිළිරැව් නැඟුණේ යේ පමත්තා යථා මතා’ නම් හතරවන බණ පදයට පෙරය.

I.D

Reviews
There are no reviews yet.