ඔහු ජීවිතය ගත කළේ හරිම සරලව, දෙවන ලෝක යුද්ධ සහ ජන මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළත්, තමන්ගේ වෘත්තීය තුළ සැලකිය යුතු යමක් කරන්න ඔහුට බැරි වුණා සියන හැඟීම නම් ඔහුගේ මනසේ විටින් විට සක්මන් කළා. තමාට ජන මාධ්‍යවේදියෙකු ලෙස ජනප්‍රිය වෙන්න බැරි වුණා, මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන සමත් ලියන්න හැරී වුණා කියන දුක ඔහුගේ හිතේ නැංගුරම් දාලා තිබුණා. “පරණ පත්තරකාරයෙක්දැ ඒත් මම නම් මය මනුස්සයාගේ නම කවදාවත් පත්තරේක දැකලා නැහැ. ඒත් ඉතිං හොඳ මිනිහා. කාටවත් කරදරයක් නැහැ. ඔහු ගැන දන්න කියන වටේ අය ඔහු ගැන කෙටියෙන්ම කියන්නේ ඔන්න ඔහොම දේවල් මෙන්න දවසක් මේ අප්‍රසිද්ධ පරණ පත්තරකාරයාට එංගලන්තයේ තිබෙන ප්‍රසිද්ධ රූපවාහිනි නාළිකාවකින් දුරකථන ඇමතුමක් ලැබෙනවා. සැබැවින්ම එය පුදුමයි. ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනකට ඔහුට ආරාධනාවක්. රූපවාහිනි නාළිකාවකින් වැඩසටහනකට ඔහුට ආරාධනා කළ ප්‍රථම අවස්ථාව. දැන් ඔහුගේ වයස අවුරුදු අසූවයි. ඉතිං ඔහු එම වැඩසටහනට ගියා. ඇත්තටම ඒක ඔහු හිතුවාට වඩා විශාල සහ ජනප්‍රිය වැඩසටහනක්. ඒත් මට ඇයි කතා කළේ? ඔහු නිහඬව ප්‍රශ්න කළා. විශිෂ්ට ලේඛකයන්, ජනප්‍රිය නළුනිළියන්, ප්‍රවීණ විද්වතුන් මීට කලින් සහභාගි වෙලා තිබුණ ඒ දැවැන්ත වැඩසටහනට මෙයාට කතා කළේ ඇයි කියන දේ එයාගේ බිරිඳටත් ප්‍රශ්නයක්.
ජීවිතය වෙනස් කරන කතා 3 – jiwithaya wenas karana katha 3

Reviews
There are no reviews yet.