ජෝකර්- Joker

Rs. 950.00 Original price was: Rs. 950.00.Rs. 855.00Current price is: Rs. 855.00.

” විකාර, මටත් පිස්සු. තම සිත තුළ ජනිත වූ සිතුවිලි වලට එරෙහි වූ ඔහු මෙතෙක් වේලාවක් ගැට ගසා තිබූ තිර රෙදි ලිහා දැමුවේ ය. එහෙත් පරිසරයේ වූ මුසල බව තවත් දරා ගත නොහැකි ය යන හැඟීමක් සිත තුළ පෙරළි කරන්නට විය. තම සිතට දැනෙන මේ අනිසි බිය කුමක් ද යන්න පිළිබඳ නාමල් තවදුරටත් සිතීමට උත්සුක නොවීය. එය සැබැවින්ම මේ සිතුවම නිසා ඇති වූවක්ද? කිසිවෙකු විසින් තමාගේ දිවි තොර කරන්නට උත්සාහ කරනු ඇතැයි යන සිතුවිල්ලක් බැහැර කරන්නට නොහැකි ලෙස සිතට වද දෙන අයුරක් ඔහුට දැනුණි. අද සවස ලැබුණු මේ චිත්‍රය ද ඒ සිතිවිල්ලට පිටිවහලක් වන්නට ඇත. තමා කිසිවෙකුට සිහිනෙකුදු හෝ වරදක් කර නොමැති බව ලෝකයක් වුවද සාක්ෂි දරනු ඇතැයි ඔහු සිතුවේ ය.

උදා වූ රාත්‍රිය අතිශයින්ම බියකරු ය. අනාරාධිතව ම ඇද වැටුණු මුරුගසන් වර්ෂාවට ඔහුගේ ගත හී ගඩු පිපුණි. ඒ අනෝරා වර්ෂාවෙන් එපිට තැනක ඔහුගේ මරණ වරෙන්තුව ලියැවී ඇති වගක් නොදත් ඔහු තව දුරටත් කවුළුවෙන් එපිටට තෙත් යොමා සිටියේ ය. විටක මහා හඬින් අහස දෙදරවමින් ඇද වැටුණු අකුණු නම හිස මතට ඇද වැටෙන්නාක් මෙන් එක්විටම ඔහුට දැනෙන්නට විය. අද හවස තමාට ලැබී තිබුණු චිත්‍රය ද මේ සීතල රාත්‍රියේ දී ඔහු අවදිව තබන්නට සමත් වූ බව නොරහසකි. කාමරයේ කොණක වූ මේසය මත සුදු පැහැති කඩදාසියෙහි ඇඳ තිබූ බියකරු පෙනුමින් යුත් තමාගේම මුහුණ නාමල්ට යළි යළිත් මැවි පෙනෙන්නට වූයේ තව තවත් සිත තිගස්සවමිනි. ” විකාර, මටත් පිස්සු. තම සිත තුළ ජනිත වූ සිතුවිලි වලට එරෙහි වූ ඔහු මෙතෙක් වේලාවක් ගැට ගසා තිබූ තිර රෙදි ලිහා දැමුවේ ය. එහෙත් පරිසරයේ වූ මුසල බව තවත් දරා ගත නොහැකි ය යන හැඟීමක් සිත තුළ පෙරළි කරන්නට විය. තම සිතට දැනෙන මේ අනිසි බිය කුමක් ද යන්න පිළිබඳ නාමල් තවදුරටත් සිතීමට උත්සුක නොවීය. එය සැබැවින්ම මේ සිතුවම නිසා ඇති වූවක්ද? කිසිවෙකු විසින් තමාගේ දිවි තොර කරන්නට උත්සාහ කරනු ඇතැයි යන සිතුවිල්ලක් බැහැර කරන්නට නොහැකි ලෙස සිතට වද දෙන අයුරක් ඔහුට දැනුණි. අද සවස ලැබුණු මේ චිත්‍රය ද ඒ සිතිවිල්ලට පිටිවහලක් වන්නට ඇත. තමා කිසිවෙකුට සිහිනෙකුදු හෝ වරදක් කර නොමැති බව ලෝකයක් වුවද සාක්ෂි දරනු ඇතැයි ඔහු සිතුවේ ය.

Reviews

There are no reviews yet.

Be the first to review “ජෝකර්- Joker”

Your email address will not be published. Required fields are marked *

Rs. 950.00 Original price was: Rs. 950.00.Rs. 855.00Current price is: Rs. 855.00.