මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 2- Malory towers balika viduhala

Rs. 600.00 Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.

ලොව ඉතාමත් ජනප්‍රිය ළමා ලේඛිකාව වූ ඉනිඩ් බ්ලයිට්න් විසින් රචිත “මැලෝරි ටවර්ස් ” කතා පෙළේ දෙවැන්න වූ SECOND FORM AT MALORY TOWERS නමැති රසවත් නවකතාවේ සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය “මැලෝරි ටවර්ස් බාලිකා විදුහල – 2 යනුවෙන් මෙසේ එළි දැක්වෙන්නේ, මෙම කතා පෙළේ පළමුවැන්න සිංහල පාඨකයින් අතර ඉතාමත් ජනප්‍රිය වූ බැවිනි. එංගලන්තයේ නේවාසිකාගාර හතරකින් සමන්විත වූ උසස් බාලිකා විද්‍යාලයක ශිෂ්‍යාවන්ගේ පාසැල් ජීවිතයේ රසමුසු අත්දැකීම් මනෝවිද්‍යාත්මක අගයකින් යුතුව වර්ණවත් කෙරී ඇති මෙම කතා පෙළ ඉනිඩ් බ්ලයිට්න් විසින් රචිත හත් සියයක් පමණ වූ පොත් අතර කවදත් පෙරමුණේ සිටී.

In stock

Author: Enid Blyton

ආපසු මැලෝරි ටවර්ස් කරා ” නිවාඩු කාලේ නියමෙට ගත කළා.” යයි සිය පියාගේ මෝටර් රථයට නගින ගමනේ ඩැරල් පැවසුවාය. වර්ෂයක් මැලෝරි ටවර්ස් බාලිකා විදුහලේ පළමු වසර (6 වැනි පන්තියේ) ඉගෙන ගෙන නිවාඩුවෙන් පසු එහි දෙවැනි වසර (7 වැනි පන්තියේ) ඉගෙන ගැන්මට එහි යාමට ඇය සැරසෙන ගමනයි මේ. “ආයෙත් ඉස්කෝලේ යන්ට ලැබෙන එක කොච්චර සන්තෝෂයක් ද ! සුමාන අටක් ම ගෙදර සිටියා නේ ! ” ” ආ – ඒක නෙවේ. අම්මා ලැස්තිද? නැත්නම්, හෝන් එක ගහන්න වෙයි ද? ” යි ඇයගේ පියා ඇසුවේය. ” හැමදාම ගමතක් යන කොට මං තමා ඉස්සරෝම ලැස්ති වෙන්නේ. ආ – කියන කොටම අම්මා මේ එන්නේ!” රිවර්ස් මහත්මිය විගවිගහට පඩි පෙළ බැස ගෙන ආවාය. ” අනේ, මං ප්‍රමාද වුණාද? අන්තිම මොහොතේ ටැලිෆෝන් එක වුණා. ඩැරල්, ඒ කතා කරේ සැලි හෝස්ගේ අම්මා අපි කීයටද එහාට එන්නෙ කියලා දැන ගන්න, සැලි දාගෙන යන්න.” සැලී හෝප් දන් ඩැරල්ගේ හොඳ ම මිතුරිය ය. කෝවෝල් හී පිහිටි මැලෝරි ටවර්ස් කරා සිය දියණිය ගෙන යන ගමන් සිය මෝටර් රථයේ සැලි ද දාගෙන යාමට රිවර්ස් මහතා එකඟ වී ඇත. රෑ වීමට පෙර පාසැලට ළඟා වීම සඳහා කල් තියා ම රිවර්ස් පවුල ගෙදරින් පිට වූහ.

Publisher

දයාවංශ ජයකොඩි සහ සමාගම – Dayawansha Jayakody

පරිවර්තනය :

චන්ද්‍ර අනගිරත්න – Chandra Anagirathne

පිටු ගණන

207

Reviews

There are no reviews yet.

Be the first to review “මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 2- Malory towers balika viduhala”

Your email address will not be published. Required fields are marked *

Rs. 600.00 Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.

In stock