මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 6- Malory towers balika viduhala

Rs. 500.00 Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.

ළමා කතා ලිව්ව සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බිලයිටින් නමැති කතුවරයයි. ‘ කතාන්දර කීමේ රැපින’ යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ්‍යාව 700 ද ඉක්මවා ඇත. මේවායින් බොහොමයක් විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය. ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන. ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදි රසවත් කතා ලිවීමේ ඇයගේ සහජ හැකියාව මනාව ප්‍රදර්ශනය කරනා එක් නිදර්ශනයකි ‘මැලෝට් ටවර්ස් බාලිකා විදුහල ‘ නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකයාගේ මන බඳනා සේ ඉතාමත් රසවත් අන්දමිනි. එම රසය එසේම සිංහල පාඨකයාට ලබා දීමට මෙම කතා මාලාවේ මුල් කොටස් සතර පරිවර්තනය කළ චන්දු අනගිරත්න සූරින් සමත් විය. එසේම ඔහුගේ අභාවයෙන් පසු එහි ඉතිරි කොටස් දෙක In the Fifth at Malory Towers Last term at Malory Towers සම්පූර්ණව හා අසංක්ෂිප්තව එම්. ඩී. එච්. සෙනෙවිරත්න සූරින් සිංහලයට පරිවර්තනය කර ඇත. මේ එහි හය වැනි නවකතාවයි.

In stock

Author: Enid Blyton

මුල් දවස මගේ අවසාන වාරය ! ‘ බිම් මාලයට යැමට සූදානම් වෙමින් සිටි ඩැරල් සිතුවාය. “මගේ අවසාන පාසැල් වාරය! ඊළඟ උපන් දිනේට මට දහ අටයි. දැන් හරියට ලොකු ගැණියෙක් වගේ ! ” බිම මහලේ සිට කෑ ගසන හඬක්. ‘ඩැරල්! ඔයා ඇත්තටම එනවද නැද්ද? ඩැඩි අහනවා ඉස්කෝලෙ යන්නෙ අදද හෙටද කියලා!” “එනවෝ!” ඩැරල් ද කෑ ගසා පිළිතුරු සැපයුවාය. ටෙනිස් පිත්ත සහ ඇගේ කුඩා සූකේසය අතට ගත් ඈ තරප්පු පෙළ දිගේ පහතට දිව්වේ සිරිත් පරිදි එක වරකට පඩි දෙක බැගින් පනිමිනි. ඇගේ නැගණිය – ෆෙලිසිටි – ඈ එනතුරු එතැන බලා සිටියාය. දෙදෙනාම මැලෝරි ටවර්ස් බාලිකා පාසැලේ නිල පාසැල් ඇඳුමින් සැරසී උන්හ. තද දුඹුරු කෝට් එක හා ගවුම, සුදු හැට්ටය, රඹ පැහැති ටයි පටිය, රඹ පාට පීත්ත පටිය සහිත පිදුරු පාට හිස් වැස්ම. “එකම යුනිෆෝම් එක ඇඳගෙන නංගිත් එක්ක යන අන්තිම වතාව තමයි මේ “. ඩැරල් පැවසුවේ තරමක ශෝකී ස්වරයෙනි. ‘ඊළඟ වාරෙදි ඔයාට යන්න වෙන්නෙ තනිවම. ඒකට කැමතිද?”

Publisher

දයාවංශ ජයකොඩි සහ සමාගම – Dayawansha Jayakody

පරිවර්තනය :

එම්.ඩී.එච්.සෙනවිරත්න

පිටු ගණන

183

Reviews

There are no reviews yet.

Be the first to review “මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 6- Malory towers balika viduhala”

Your email address will not be published. Required fields are marked *

Rs. 500.00 Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.

In stock