මරණයෙන් පිබිදුණු මිනිස්සු – Maranayen pibidunu minissu

Rs. 500.00 Original price was: Rs. 500.00.Rs. 400.00Current price is: Rs. 400.00.

මරා දැමුණු මිනිසා අතින් මිනීමරුවා ඝාතනය වේ. ලන්වන් නගරය අසල වූ එක් පෞද්ගලික පාසලක් පිහිටා තිබුණේ බෙහෙවින් පැරණි, විශාල නිවසක් තුළය. එල්ම ගසින් හා දේවදාර ගසින් සෙවණ වූ පාසල් භූමිය රමණිය තේමිස් නදිය අසබඩ සුන්දර පරිසරයක පිහිටා තිබිණ. 1870 වසරේ පළමු පාසල් වාරය ආරම්භ විය. පාසල් සිසුන් 130 දෙනාත්, ගුරුවරුන් කිහිපදෙනාත් ඇතුළු සියල්ලෝම පාසල පටන් ගත් දින පැමිණ සිටියහ. මේ වාරයේ දී පැරණි ගුරුවරුන්ට අමතරව සැම්ප්සන් නම් වූ අලුත් ගුරුවරයෙක් ද පැමිණ සිටියේය. මුහුණ පුරා වැවුණු ඝන රැවුලකින් ද, උස් සිරුරකින් ද යුතු වූ අලුත් ගුරුවරයා කල් යත්ම ශිෂ්‍යයන් අතර ජනප්‍රිය වන්නට සමත් විය. රට රටවල ඇවිද නොයෙකුත් තොරතුරු දැන සිටි ඔහු ඒ පිළිබඳව සිසුන්ට රසවත් කතා පැවසීමට සමත් වී සිටියේය. සැම්ප්සන්ගේ ගෙලෙහි නිරතුරුවම ඔහු පැලඳ සිටි මාලයක් විය. ඔහුගේ නමේ මුල් අකුරු තුන වන ජී. ඩබ්ලිව්. එස්. කොටා තිබූ රන් කාසියක් එහි අමුණා තිබිණ. සැමම්ප්සන් මහතා පාසලට පැමිණ නොබෝ දිනකින් අද්භූත සිදුවීම් මාලාවක් පාසල පුරා හමා යන්නට පටන් ගත්තේය. දිනක් ගුරුවරයා ශිෂ්‍යයන්ට ලතින් භාෂාව උගන්වමින් සිටියේය. ලතින් භාෂාවෙන් වාක්‍යය බැගින් ලිවීමට ශිෂ්‍යයන්ට නියම වී තිබිණ. මේ අතරේ පන්තියේ කොනක වාඩි වී සිටි මැක්ලොයිඩ්’ නමැති ශිෂ්‍යයා කිසිවක් නොලියා මේසයට බර වී නිදිමත ස්වභාවයෙන් පසු වනු තවත් ශිෂ්‍යයකුගේ නෙත ගැටිණ. ” මැක් ලොයිඩ්, ලියන්නේ නැද්ද?

In stock

මෙම පොතෙහි එන අද්භූත කතා සියල්ලම විදෙස් ග්‍රන්ථ වලින් උපුටා ගෙන පරිවර්තනය කරන ලද සත්‍ය කතා වෙයි. මේ ඇතැම් කතා රටවල පරම්පරානුගතව ජනප්‍රවාද ලෙස පැවතෙන සත්‍ය සිදුවීම්ය. හොල්මන්, අවතාර හා අද්භූත සිදුවීම් ගැන මිනිසුන් විවිධ මත පළ කරති. ඇතැමුන් මෙබඳු දෑ තරයේ අදහන අතර, ඇතැමුන් මේවා හුදෙක් මිථ්‍යා කතා ලෙස සලකා බැහැර කරති. කෙසේ වුව ද යම් අද්භූත බලවේගයක් අප ජීවත් වන මේ විශ්වය වටා කැරකෙන බව යම් තරමකට හෝ පිළිගන්නට සිදු වන්නේ මෙබඳු සත්‍ය සිදුවීම් ගැන කල්පනා කර බලන විටය. මෙහි එන ඇතැම් කතාවක කතා නායකයා හෝ නායිකාව තමා මුහුණ පෑ අද්භූත අත්දැකීමෙහි අතීත කතාව පිළිබඳ කිසිවක් නොදනියි. නමුත් ඔහු හෝ ඇය එම සිදුවීම ඒ ආකාරයෙන්ම විස්තර කරයි. ඇතැම් අවස්ථාවක මළ ගිය තැනැත්තකු හෝ තැනැත්තියක පියවි ඇසින් දකින්නේ එක් අයකු පමණක් නොවේ. කිහිප දෙනෙකු හෝ බොහෝ දෙනකු එම දර්ශනය දැක තිබේ. පිළිගත්ත ද, නොගත්ත ද හොල්මන් කතා ඇසීමට, ඒවා තියවීමට අප තුළ ඇත්තේ දැඩි කැමැත්තකි. විශේෂයෙන් තරුණ පරපුර මෙබඳු කතන්දර කියැවීමට රුචි වෙති. අද්භූත තතා සිංහල බසින් පළ වී ඇත්තේ ද ඉතා අඩු වෙති. රැජින පුවත්පතෙහි මෙනමින්ම මා විසින් පළ කළ කතා ඇතුළත් කොට මරණයෙන් පිබිදුණු මිනිස්සු ලෙස සකස් වූ මෙම පොත එම අඩුව පිරවීමෙහිලා ගත් එක් පියවරකි. නිශානි දිසානායක වාසනා පොත් ප්‍රකාශනයකි.

Publisher

වාසනා ප්‍රකාශකයෝ – Wasana Prakashakayo

පරිවර්තනය :

නිශානි දිසානායක- Nishani Dissanayake

පිටු ගණන

176

Reviews

There are no reviews yet.

Be the first to review “මරණයෙන් පිබිදුණු මිනිස්සු – Maranayen pibidunu minissu”

Your email address will not be published. Required fields are marked *

Rs. 500.00 Original price was: Rs. 500.00.Rs. 400.00Current price is: Rs. 400.00.

In stock