මෙලඩි – Melody

Rs. 1,200.00 Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.

සිහළ සුළඟක් හමා ගියේය. ඔව්. ඒ දෙසැම්බර් මාසයේ තවත් එක් සීතල දවසකි. නමුත් වෙනදාට නැති උණුසුමකින් එය පිරි තිබුණේ නිමාවීමට යන වසරට ආශිර්වාද කිරීමට විය යුතුය. මේ මොහොතේ නගරයේ උණුසුම වැඩිම ස්ථානය වූයේ ශ්‍රවණාගාරයයි. එයට හේතුව වූයේ වසරේ දැවැන්තම ප්‍රසංගය ඇරඹීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණක් වීමයි. බොහෝ දෙනෙක් වසරක් පුරා බලා සිටියේ මේ වෙනුවෙය. නිවැරදිවම කිවහොත් වසර ගණනාවක්ම කුඩා දැරියන් දෙදෙනෙක්ද ඒ වෙනුවෙන් සැදී පැහැදි බලා සිටියේ ශ්‍රවණාගාරයේ සුවිසල් දොර කොයි මොහොතේ විවර කරයිද කියා ඇඟිලි ගනිමිනි. නමුත් තම ප්‍රවේශ පත්‍ර වල විශාල අකුරින් මුද්‍රණය කර තිබූ සරල අකුරු කිහිපය ඔවුන්ට සැබෑම අභිරහසක් විය. ” ඇයි මේකට මෙලඩ් කියලා නම දාල තියෙන්නේ?” එක් වරම සොෆී තම මිතුරියගෙන් ඇසුවාය. නමුත් ඇයට සාර්ථක පිළිතුරක් ලැබුණේ නැත. ඇගේ යෙහෙළිය දෙවුර සැලුවේ ඇයට ද ඒ පිළිබඳව හරි අවබෝධයක් නොමැති බව පැවසීමටයි. ඔවුන් මේ පැමිණ සිටියේ වසරේ දැවැන්තම වාද්‍ය ප්‍රසංගය නැරඹීම සඳහා බව පැවසීමට අටුවා ටීකා අවශ්‍ය නැත. හුදෙක්ම මෙය වසරේ දැවැන්තම ප්‍රසංගය පමණක් නොව ජනප්‍රියම ප්‍රසංග යද විය. සුප්‍රකට සංගීතඥයෙකුගේ සංගීත ජීවිතයේ දශකයේ කඩ ඉම සනිටුහන් කිරීම උදෙසා පවත්වනු ලබන මෙය ඉතා දුර්ලභ ප්‍රසංගයක් වූ නිසාමදෝ ටිකට් පත් විකිණී අවසන් වූයේ මීට මාස ගණනකටම පෙරාතුවයි. ඒ තරමටම සුවිශේෂී වූ මෙම ප්‍රසංගයට මෙලඹී වැනි සරල නාමයක් ලබා දීම තරමක් පැටලිලි සහගතය. අවුරුදු දාහතරක සොෆිට හා ඊවිට නම් එය කොහෙත්ම තේරුම් ගත නොහැකි විය.

වෙලාව පාන්දර හතරට ආසන්න වූවා පමණි. උදෑසන අරුණාලෝකය පැතිර යාමට පටන්ගෙන තිබුන ද අන්ධකාරය තවමත් දැඩිය. නමුත් උදා වීමට යන්නේ වසන්ත කාලයේ තවත් එක් අපූරු දිනයකි. සියලු දෙනාම තවමත් නිදි සුව විඳිනා මේ මොහොතේ එක් කුඩා ගැහැනු ළමයෙක් පමණක් හොඳින් අවදි වී සිටියාය. තම ඇඳ මත වාඩි වී සිටි ඇගේ උකුල මත වූවේ පරණ දින පොතකි. ” මට අවුරුදු දාහතරයි.කුඩා අකුරින් ඇය එහි කුරුටු ගැවාය. ඇය සිටියේ උද්දාමයට පත්වයි. ඇගේ මුවගේ ඇඳීගිය සිනාරැල්ල එය මැනවින් විදහා පෑවේය. අවාසනාව වූවේ එය දැක ගැනීමට කිසිවකුත් නොමැති වීමයි. තමා ලියූ දේ ගැන තෘප්තියෙන් ඇය දිනපොත වසා දැමුවාය. ඉන්පසු ඇය අතට ගත්තේ ඉතා වටිනා, මිලකළ නොහැකි උපන් දින සුබපැතුමකි. ඇය මේ සියල්ල සිදුකළේ බාගෙට විවර කරන ලද කවුළුව හරහා කාමරයට ගලා එන හිරු රැස් වල ආධාරයෙන්ය. මොහොතක් යනතුරුම ඇය කළේ ඇගේ සුබ පැතුම්පත ආසාවෙන් අතගෑමයි. ඒ තරමටම ඇය එයට ඇලුම් කළාය. තම ඇඟිලි තුඩු මතින් ඇය එය විවර කළේ ඒ තුළින් ගලා ආ මියුරු නාදයට කාමරය පුරා පැතිර යාමට ඉඩ දෙමිනි. එයට සවන් දෙමින් එහි ලියා තිබූ වදන් ඇය ඉතා ආශාවෙන් කියවුවාය. ‘

Reviews

There are no reviews yet.

Be the first to review “මෙලඩි – Melody”

Your email address will not be published. Required fields are marked *

Rs. 1,200.00 Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.