එක්තරා වනාන්තරයක තිබී හමුවූ කාන්තා මෘත ශරීරයකි. එය සොයාගන්නා විට සෑහෙන පමණ නරක් වී තිබූ අතර මැස්සත් සහ වෙනත් කෘමීන් රාශියක් ශරීරයේ සමහර තැන් වසා බිත්තර දමා තිබිණි. ඒ අතර ඔවුන්ගේ ජීවන චක්‍රයේ පිළවා අවස්ථාවද බෙහෙවින් දක්නට ලැබිණි. පශ්චාත් මරණ පරීක්ෂණයක්ද පවත්වනු ලැබූ මුත් කෘමීන් සහ සතුන් ශරීරයේ සමහර කොටස් කා දමා තිබූ නිසාත් සැහෙන පමණ නරක් වී තිබූ නිසාත් මරණයට හේතුවක් සොයාගත නොහැකි විය. එහෙත් මෘත ශරීරය සොයාගත් ස්ථානය අසල තිබී හිස් වස කුප්පියක්ද සොයා ගත් බැවින් මෙම තැනැත්තිය වස පානය කරන්නට ඇතැයි ද එය සියදිවි නසා ගැනීමක් යැයිද අවසානයේ තීරණය කරන ලදී. මෙම සිද්ධියෙන් වසර ගණනාවකට පසු මෙම මෘත ශරීරයේ ජායාරූප වෙනත් අධිකරණ වෛද්‍ය විශේෂඥයකු විසින් අහම්බෙන් මෙන් නිරික්ෂණය කරන ලදී. සිය අත්දැකීම් තුළින් මෙම මරණය පිළිබඳ අමුතුම ආකාරයේ මතයක් ඔහු විසින් ප්‍රකාශ කරන ලදී. මෘත ශරීරයක කෘමීන් බොහෝ විට බිත්තර දමනු ලබන්නේ මුඛය, නාසය, ඇස්, කන්, ලිංගාශ්‍රිත ප්‍රදේශ සහ ගුද මාර්ග විවරය ආසන්නයේය. බිත්තර වලින් බිහිවෙන පිළවාට මෙම ස්ථාන වල ඇති තුනී සම පසාරු කරගෙන ගොස් අභ්‍යන්තරයේ ඇති මාංශපේශි ආහාරයට ගත හැකි වීම පහසු කරනු පිණිස මෙම ස්ථාන වල බිත්තර දමනු ලයි. වෙනත් ස්ථාන වල සම වඩාත් ඝනකම් නිසා පිළවා අවස්ථාවට එවැනි සමක් පසාරු කරගෙන යාම අපහසු වේ. එහෙත් මෙම ඡායාරුප වල දැක්වුයේ ඊට හාත්පසින්ම වෙනස් රටාවකි. මුඛය, නාසය, ඇස්, කන්, ලිංගාශ්‍රිත ප්‍රදේශ සහ ගුද මාර්ග විවරය ආශ්‍රිතව කෘමි බිත්තර සහ පිළවුන් සිටියේ නැති තරම්ය. නමුත් පපු ප්‍රදේශයේ සහ උදර ප්‍රදේශයේ සමහර ස්ථානවල කෘමි බිත්තර සහ පිළවුන් අතිවිශාල ප්‍රමාණයක් දක්නට ලැබිණ. මෙය අසාමාන්‍ය තත්ත්වයක් බව අධිකරණ වෛද්‍ය විශේෂඥයා ප්‍රකාශ කර සිටියේය.
නිහඬ නොවූ සාක්ෂි 3 – nihada nowu sakshi
එක්තරා වනාන්තරයක තිබී හමුවූ කාන්තා මෘත ශරීරයකි. එය සොයාගන්නා විට සෑහෙන පමණ නරක් වී තිබූ අතර මැස්සත් සහ වෙනත් කෘමීන් රාශියක් ශරීරයේ සමහර තැන් වසා බිත්තර දමා තිබිණි. ඒ අතර ඔවුන්ගේ ජීවන චක්‍රයේ පිළවා අවස්ථාවද බෙහෙවින් දක්නට ලැබිණි. පශ්චාත් මරණ පරීක්ෂණයක්ද පවත්වනු ලැබූ මුත් කෘමීන් සහ සතුන් ශරීරයේ සමහර කොටස් කා දමා තිබූ නිසාත් සැහෙන පමණ නරක් වී තිබූ නිසාත් මරණයට හේතුවක් සොයාගත නොහැකි විය. එහෙත් මෘත ශරීරය සොයාගත් ස්ථානය අසල තිබී හිස් වස කුප්පියක්ද සොයා ගත් බැවින් මෙම තැනැත්තිය වස පානය කරන්නට ඇතැයි ද එය සියදිවි නසා ගැනීමක් යැයිද අවසානයේ තීරණය කරන ලදී.
In stock
| Publisher | දයාවංශ ජයකොඩි සහ සමාගම – Dayawansha Jayakody |
|---|---|
| පිටු ගණන | 110 |
In stock






Reviews
There are no reviews yet.