අම්මාත්. මමාත්, චාලට් හා ලිඩියාත් සාමාන්‍ය ගමනට බිමනට පලඳින හිස් වැසුම් සහ උණුසුම් ලොම් කබා ඇඳගෙන පිටත මඩුව හරහා එළි මහනට ඇවිද එන විට ටයිඩ්මිල් පටු මඟෙහි පිහිටි නිවහන කළුවර වෙලා ගනිමින් පැවතිණි. අම්මාගේ එක් අතක රැදුණු පයි බඳුනක් සහිත කුඩයකි. අළු පැහැ කබායක් ඇඟ වටා දවටනු ලැබූ බිලිඳිය, මෙරි, අම්මාගේ ඇකයෙහි උණුහුම්ව සිටියාය. වෙනදා මෙන් ඇය නලියමින් බිමට බසින්නට තැත් කළේ නැත. ඇගේ සිඟිති මුහුණ සැප පහසු ලොම් ඇඳුමෙහි නැමුම් අතරින් එබී බලමින් තිබිණි. චාලට් සහ ලිඩියා ගෙල ළඟට යනතුරු කබා තද කර ගත්හ. සීත සුළඟක් හැමුවේය. අහුමුළු වලින් රිංගා ආ. ඒකාකාරව හැමූ තුනී සුළං රැළි චාලට්ගේ කනට කොදුරන්නට විය. සරත් සමය ඇවිත් එය කීවේ ය. සිත කාලෙත් ළඟම ඒවි.
තාත්තා සහ පිරිමි ළමයි එවිටම පිදුරු මඩුවේ සිට පිටතට ආහ. තාත්තා අත තිබූ ලත්තෑරුමේ එළියෙන් ඔවුන්ගේ රත් පැහැ ගැන්වුණු නැහැයවල් සහ කන් චාලට්ට පෙනිණ. ඇගේ සහෝදරයන් දෙදෙනා, ලුයිස් සහ ටොම් අත්වලට පිඹිමින් ඒවා එකිනෙක අතුල්ලමින් සිටිති.
Reviews
There are no reviews yet.