පිටිසරට පරිසරය වනය යි. ඒ නිසා පිටිසර පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට නම් වනය ගැන ද කරුණු දත යුතුමයි. වන වැණුම් වනය කෙරේ මා සිත තුළ පවතින ඇල්ම ඉමහති. ඊට හේතු කවරේ දැයි එක එල්ලේ කියන්නට මම හෝ නොදනිමි. කුමක් නිසා හෝ වේවා වනගත පරිසරයෙන් වෙන් වූ කල මගේ ජීවිතය සුපුරුදු පෙම්වතියක ගේ ඇසුරෙන් වියෝ වූ තරුණයෙකු ගේ හදවතක් මෙන් නිරස වන බව පමණක් දනිමි. වනාන්තරයෙක ස්වාභාවික ශෝභමාන දර්ශනය ඉදිරියේ නගරය මට මිරිඟුවෙකි! වනය නිදහස් පාරාදීසයක් නම් නගරය මා වදයට පමුණුවන සිර ගෙයකි ! වනයෙන් නිරතුරුව නික්මෙන රැහැයියා ගේ වනේ පතුරක් පිරි ගාන්නාක් වැනි ගොරහැඬි ගෝසාව පවා පරදවන මිහිරෙකි. ඇසුරට වන බිමක් නැති කල මට නම් සුර ලොව වුව ද නිරයක් වැනි වනු නියතයි. වනය නොයෙක් ගුණයෙන් අනූනයි. එය නිශ්චලයි ! නිශ්ශබ්දයි! ශාන්තයි! ඉපැරණි සාහිත කෘතියක් සේ ගාම්භීරයි ! වනය නිශ්චල යයි කීවද එහි චලනයක් නැතුවා නොවෙයි.තුරුලිය ඇසුරෙහි ද බිම මතුපිට සහ ඇතුළත ද ගස් බෙන ගල් ගුහා ආදියෙහි ද වෙසෙන සත්ත්ව සමූහය දවසේ සැම පැයක් තුළ එහි කෙරෙන පෙරැළි කොපමණ ද? එසේ වුවත්, වනය සතු ස්වාභාවික නිශ්චලත්වය. ඒ සියල්ල මර්දනය කරමින් පැතිර සිටියි! වනයේ නිශ්ශබ්දතාවය ද එබඳු මය. දහස් සුවහස් ගණනින් සෑදුණු සත් කැළ පමණක් නොව වැසි, සුළං ළැව් ගිනි ආදිය නිසා එහි පැන නැගෙන ගෝට්ටිය කෙතරම් මහත් වුව ද වනයට උරුම නිශ්ශබ්දය ම එහි රජකම් කරයි. වනයේ ශාන්තිය ද එබඳුම ව්‍යාජයෙකි. මුව පැටවුන් ලේ පෙරා බුදින කොටියන් ද සැඟවී සිට මිනිසුනට පවා පහර දෙන වලසුන් ද නොමඳව ගැවසෙන කුඩා එකා මහ 9
පිටිසර මිනිස්සු [මායාරංජන්] Pitisara minissu

Reviews
There are no reviews yet.