පෝරකය ඉව කළ මිනිස්සු – Porakata Iwa Kala Minissu

Rs. 850.00 Rs. 680.00

අපරාධ වෛද්‍ය විද්‍යා විෂය ඉමහත් කුතුහලය දනවන එකකි. මෙම විෂයයේ එකල ප්‍රවීණයන් වූ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය සරවන පාවනන්දන් වැනි වියතුන්ගෙන් වෛද්‍ය විද්‍යාලයේ දී ගුරුහරුකම් ලබන්නට වරම් ලද මෙම ලේඛකයා වෛද්‍ය නීති පර්යේෂණාගාරයෙන් ලබා ගත් වෘත්තිමය අත්දැකීම් සමුදාය ඉමහත්ය. මෙම නුහුරු නුපුරුදු විෂය මහජනයා අතරට ගෙන ඒම සඳහා පුරෝගාමී වූවන් අතර ඔහුට අයත් වන්නේ ඉහළම තැනකි. මෙහි දී ඔහු වහරණ බස ඉතා සරලය. මටසිලුටුය. වියරණ නීති රැක ගන්නට දරන වෙහෙස අපමණය. එය අපට පසක් වන්නේ ඔහු පොතක් ලියන්නට අත තබන මොහොතේ සිට ඔහුගෙන් අපට ලැබෙන දුරකථන ඇමතුම්වලිනි. වියත් ඇසුරට ඔහු ප්‍රියය. එම සමාගම්වල දී හොඳ ඇහුම්කන් දෙන්නකු වෙමින් යමක් ඉගෙන ගන්නට දක්වන්නා වූ උනන්දුව ඔහු සතු කැපී පෙනෙන ලක්ෂණයකි.

In stock

Author: ඩබ්. ටී. එම්. මහින්දරත්න - W. T. M. Mahindarathne

දැනට අවුරුදු තිස් ගණනකට පෙර මා ලේක්හවුස්හි වැඩ කරන සමයේ එහි නිතර ගොඩ වැදුණු ලේඛකයන් අතර මහින්දරත්න තරුණයාගේ මුහුණ ද නිතර ඇස ගැටුණකි. ඔහු එකල මිහිර, තරුණි, නව යුගය, සිළුමිණ, දිනමිණ, යොවුන් ජනතා, විදු නැණ පත්තර වලට එකදිගට ලියූ රසවත් ලිපි මාලා තුළින් අපේ මතකයට එක් විය. කොළඹ විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කරන ලද ජනමාධ්‍ය හා සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ මුල්ම කණ්ඩායමට ඔහු ද අයත් විය. අප සිත් ඇද ගත් දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස ඔහු එහි දී අපට වඩාත් සමීප විය. විශේෂයෙන් ඔහු අවසන් විභාගය සඳහා ඉදිරිපත් කළ නිබන්ධනය අපේ පැසසුමට ලක් වූයේ නිරායාසයෙනි.

අපරාධ වෛද්‍ය විද්‍යා විෂය ඉමහත් කුතුහලය දනවන එකකි. මෙම විෂයයේ එකල ප්‍රවීණයන් වූ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය සරවන පාවනන්දන් වැනි වියතුන්ගෙන් වෛද්‍ය විද්‍යාලයේ දී ගුරුහරුකම් ලබන්නට වරම් ලද මෙම ලේඛකයා වෛද්‍ය නීති පර්යේෂණාගාරයෙන් ලබා ගත් වෘත්තිමය අත්දැකීම් සමුදාය ඉමහත්ය. මෙම නුහුරු නුපුරුදු විෂය මහජනයා අතරට ගෙන ඒම සඳහා පුරෝගාමී වූවන් අතර ඔහුට අයත් වන්නේ ඉහළම තැනකි. මෙහි දී ඔහු වහරණ බස ඉතා සරලය. මටසිලුටුය. වියරණ නීති රැක ගන්නට දරන වෙහෙස අපමණය. එය අපට පසක් වන්නේ ඔහු පොතක් ලියන්නට අත තබන මොහොතේ සිට ඔහුගෙන් අපට ලැබෙන දුරකථන ඇමතුම්වලිනි. වියත් ඇසුරට ඔහු ප්‍රියය. එම සමාගම්වල දී හොඳ ඇහුම්කන් දෙන්නකු වෙමින් යමක් ඉගෙන ගන්නට දක්වන්නා වූ උනන්දුව ඔහු සතු කැපී පෙනෙන ලක්ෂණයකි.

ඩබ්ලිව්. ටී. එම්. මහින්දරත්නයන් ශ්‍රී ලංකාවේ සිදු වූ භයානක අපරාධ ගණනාවක සුලමුල සෙවීමට පාදක වූ අධිකරණ වෛද්‍ය පර්යේෂණ කටයුතුවලට කෙළින්ම දායක වූවෙකි. එහි දී ඔහු ජනමාධ්‍යය හා පැවැත්වූ සමීප සම්බන්ධතාව ඉතා අගේ කළ යුතුය. මෙවැන්නක් ලියා පළ කරන්නට ඔහුට ඇති සුවිශේෂී අයිතිය හා වගකීම මෙම ග්‍රන්ථය තුළින් කදිමට පැහැදිලි කර දෙයි. මෙම ක්ෂේත්‍රයට අදාළව වෘත්තිමය අත්දැකීම් ලබන්නට යළිත් දිවයිනෙන් බැහැරව යන මෙම ජනමාධ්‍යවේදියාට ලේඛන කලාවේ තවත් ඉදිරි පිම්මකට වරම් ලබන්නට ආශීර්වාද කරමි. “පෝරකය ඉව කළ මිනිස්සු” ග්‍රන්ථය පාඨකයා අතර ඉමහත් ආන්දෝලනයක් ඇති කළ හැකි රසවත් පොතක් වනු නොඅනුමානය.

ඩී. එෆ්. කාරියකරවන

(ජෙෂ්ඨ මාධ්‍ය උපදේශක)

Publisher

වාසනා ප්‍රකාශකයෝ – Wasana Prakashakayo

පිටු ගණන

318

Reviews

There are no reviews yet.

Be the first to review “පෝරකය ඉව කළ මිනිස්සු – Porakata Iwa Kala Minissu”

Your email address will not be published. Required fields are marked *

In stock