ප්‍රමුදිත ජීවිතයක්

Rs. 780.00 Rs. 702.00
දළයි ලාමාත්, අගරදගුරුතුමනුත් අපේ යුගයෙහි අසහාය ආධ්යාත්මික නායකයන් මෙන් ම, ඔවුන්ගේ සම්ප්රදායයන් ඉක්මවා සමස්ත මානව වර්ගයා සඳහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරන්නවුන් දෙපළකි.
පහසුවෙන් අප ව ගොදුරු කර ගැනෙන, නිෂ්ඵල දේ කතා කරමින් ජනප්රිය වීම පිළිකෙව් කරන මෙතුමන්ලා තුළ, මානව වර්ගයා කෙරෙහි පවත්නා දිරීමත් බව, ඉවසීම සහ අපේක්ෂා සහගත සන්සුන්කම ලක්ෂ සංඛ්යාත ජනතාවක් තුළ බලාපොරොත්තු දල්වයි. එතුමන්ලා අත්දකින ගැඹුරු සතුට පහසුවෙන් ඇති කරගත හැක්කක් නොවන්නේ, එය හිරිහැර, මර්දනය සහ අරගලය නමැති ගිනි මැද ගිනියම් ව සැකසුණක් බැවිනි. දළයි ලාමාත්, අගරදගුරු තුමනුත් සිහිපත් කරවන්නේ, සත්ය වශයෙන් ම සහජ අයිතියක් වන ප්රමෝදය සතුටු වීමට වඩා මූලික බව ය.
Out stock

Out of stock

Email when stock available

Author: Desmond Tutu

පුරා සතියක් ම් අප වාඩි වී සිටියේ, දළයි ලාමාගේ සුසංවේදී දෙනෙතෙහි පෙනීමට හානියක් නොවන සේ ප්‍රවේසමෙන් සැකසූ, මෘදු ආලෝක තටාකයක් මැදය. හාත්පස සවිකර තිබුණා වීඩියෝ කැමරා පහකින් පටිගත කිරීම් කෙරිණි. ප්‍රමුදිත බව යනු කුමක්දැයි හෙළිදරව් කර ගැනීමේ ප්‍රයත්නය තුළ, ජීවිතය සම්බන්ධ ඉතාමත් ප්‍රබල කරුණු ගණනාවක් අපට පසක් විය. අප සොයමින් සිටියේ වට පිටාවෙහි සිදුවන නොයෙකුත් විපර්යාසයන් මත නොයැපෙන සැබෑ ප්‍රමුදිත බවයි. ප්‍රමුදිත බව මායාවක් කරවන බාධාවන් මැඬලීමේ දුෂ්කර ක්‍රියාව ජයගත යුතු බව අපි දැන සිටියෙමු. සාකච්ඡා අතර මැද, ඔවුහු ප්‍රමුදිත බව දරා සිටින-හතර බැගින් වූ මානසික සහ හෘදමය වශයෙන් ගැනෙන – කුඹුණු අටක් සැකෙවින් දැක්වී ය. අපේ ප්‍රයත්නය වූයේ ඇසිල්ලක් පාසා වෙනස් වෙමින් නිරතුරු ව වේදනා දෙන ලෝකයක කිසිදා නොනැසෙන ප්‍රමුදිත බවක් අත්දැකීමට පාඨකයන්ට උපකාරවත් වන දැනුම රැස් කිරීම ය. නොයෙකුත් වැදගත් මූල ධර්මයන් පිළිබඳ ව මේ ශ්‍රේෂ්ඨ නායකයන් දෙපළ එකඟ වූ අතර, වෙනස්කම් ද පැහැදිලි ව ඉදිරිපත් කර තිබේ.

Publisher

විදර්ශන ප්‍රකාශන – Vidarshana Publishers

පරිවර්තනය :

කුඩගම්මන සීලරතන – Kudagammana Seelarathana

පිටු ගණන

4003

Reviews

There are no reviews yet.

Be the first to review “ප්‍රමුදිත ජීවිතයක්”

Your email address will not be published. Required fields are marked *

Out of stock

Email when stock available