බැස යන හිරු රැස් දහරින්. පි රැසිස් හි දොවොල් දිව්‍යමය රන් පැහැයෙන් බැබළිනි. මහා රැසිස් විසින් තනන්නට යෙදුනු මේ අගනුවර, එහි ගොඩනැගිලි මත තිබූ වර්ණවත් උළු හේතුකොට ගෙන නීල මාණික්‍ය නගරය යයි නම් ලද අතර නයිල් ඩෙල්ටාවේ ධනය, බලය හා අලංකාරය මූර්තිමත් කළ සිතුවමක් මෙන් විය. පි රැසිස් හි ජිවිතය සුවදායකය. එහෙත් ඒ නිසංසල, සෞම්‍ය සන්ධ්‍යාව හෝ රෝස පැහැයෙන් බබළන අහස, සාඩිනියානු යෝධයාට නම් සතුටක් ගෙනාවේ නැත. අං සහිත හිස් වැසුම පැළඳ, අසිපත පසෙකින් තබාගෙන සිටි ඔහු, හිටපු මුහුදු කොල්ලකරුවා, කරකවන ලද උඩු රැවුල ඇතිව ඉදිරියට ගියේ කෝපයෙනි. රැමසීස් ගේ පුද්ගලික ආරක්ෂකයා බවට පත්ව සිටි ඔහු මේ යන්නේ පසුගිය වසර කීපය නිවාස අඩස්සියේ සිටි යූරි ටෙෂප්ගේ මන්දිරය වෙතයි. හට්ටියේ හිටපු අධිරාජයා වූ මුවට්ටාලිගේ පුත් යූරි ටෙෂුප් රැසිස්ගේ ප්‍රබලත්ම සතුරා විය. දැඩි ලෙස රෝගාතුරව, මරණාසන්නව සිටි තම පියාගෙන් සිහසුන උදුරාගත් යූරි ටෙසූප්, පියාගේ සහෝදරයා වූ හට්ටු සිලි විසින් බලයෙන් පහ කරන්නට යෙදිනි. පසුව, ඊජිප්තු රාජදූත ප්‍රධානියා වූ ද, රැමිසිස්ගේ පාසල් මිතුරා වූද ආශා, සූරි ටෙෂප්ට හට්ටියෙන් පිට වෙන්නට උදවු කළේය.
රැම්සීස් 5 – Ramses 5

Reviews
There are no reviews yet.